Local news

ඉරාන ප්‍රහාර අතරතුර අමෙරිකානු හමුදා ‘ක්ලෝඩ්’ තාක්ෂණය භාවිතා කරයි.!

By Reporter.lk on (LK time) ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉවත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත. එහෙත් නියෝග කර පැය කිහිපයකට පසුවත්, අමෙරිකානු මධ්‍යම විධානය (U.S. Central Command) ඇතුළු අමෙරිකානු රජය, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම්වලදී බුද්ධි තොරතුරු විශ්ලේෂණය සහ ඉලක්ක හඳුනා ගැනීම වැනි කාර්යයන් සඳහා තවදුරටත් ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ 'ක්ලෝඩ්' (Claude) AI තාක්ෂණය භාවිතා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More

අමෙරිකානු ජෙට් යානා කිහිපයක් කුවේටයට කඩා වැටෙයි.!

By Reporter.lk on (LK time) කුවේට් රාජ්‍යයේ ස්ථානගත කර ඇති අමෙරිකානු ගුවන් කඳවුරක් ඉලක්ක කරමින් ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාර අතරතුර අද (02) දිනයේදී අමෙරිකානු හමුදා ගුවන් යානා කිහිපයක්ම තම රට තුළට කඩා වැටී ඇති බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර අලි අල් සලෙම් (Ali Al Salem) අමෙරිකානු කඳවුරේ සිට සැතපුම් හයක් පමණ දුරින්, එක් යානයක එන්ජිම ගිනි ගනිමින් එය පහළට ඇද වැටෙන අයුරු වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත.  එහි සිටි නියමුවා යානයෙන් ඉවතට පැන ආරක්ෂිතව ගොඩ බැස ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහුව ආරක්ෂිතව බේරාගෙන ඇති බව වාර්තා වේ.
Read More

මහජන හදිසි තත්ත්වය ගැන රජයේ අවධානය.!

මහජන හදිසි තත්ත්වය යළිත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය යෝජනාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයත් සමඟ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ අතර එම තත්ත්වය පසුගිය (28) වැනිදායින් අවසන් විය.
Read More

UAE වෙත එල්ල වූ ප්‍රහාර වලින් 58කට තුවාල.!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකු සිටින බව වාර්තා වන අතර ඔහු ඇතුලු විදේශිකයින් 58 දෙනෙකුට සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර හදිසි අවශ්‍යතාවයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපති කාර්යාල නිලධාරීන් දැනුවත් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. යම් අවශ්‍යතාවයක් මතුවුවහොත් කඩිනමින් තමන් වෙසෙන රටේ තානාපති කාර්යාලය අමතා තොරතුරු දැනුම් දෙන ලෙසද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙයි.
Read More

ලෝක බොරතෙල් මිල ඉහළට.!

මේ වනවිට මැදපෙරදිග නොසන්සුන් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇත. ඒ අනුව අද (02) පෙරවරුවේ අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල, 8%කින් පමණ ඉහළ ගොස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි සත 40ක් ලෙස දැක්විය. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (02) 9%කින් ඉහළ ගොස් තිබේ. බොරතෙල් බැරලයක මිල ඩොලර් 79යි සත 38ක් සටහන් විය.
Read More

ඉරාන අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි.!

By Reporter.lk on (LK time) ඉරානයට එල්ල වූ දැවැන්ත ප්‍රහාර වලින් පසුව ඉරානයේ අන්තර්ජාල පහසුකම් සීඝ්‍ර පහත වැටීමක් දක්නට ලැබෙන බව ගෝලීය අන්තර්ජාල ක්‍රියකාරීත්වය නිරීක්ෂණය කරන Kentik ආයතනයේ දත්තවලට අනුව සඳහන් කරයි. ඒ අනුව ඉරානය එල්ල කළ ප්‍රහාර වලින් සහ ඉන් අනතුරුව ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් පැය කිහිපයකට පසුව එරට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වේ. ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයෙන් 99%ක් පමණ මේ වනවිට විසන්ධි වී ඇති බවත් ඉරාන රජයේ නිලධාරීන්ට හෝ රජයේ විශ්වාසය දිනූ පුද්ගලයන්ට අයත් සමාජ මාධ්‍ය ගිණුම් සීමිත සංඛ්‍යාවක් පමණක් සක්‍රීයව පවතින බවද සඳහන් කරයි.
Read More

ඉරානය සතු සියලුම බලය යොදවනවා.. පළිගන්න සූදානම්.!

By Reporter.lk on (LK time) ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඇතුළු බලධාරීන් ඝාතනයට පළිගැනීම තම අයිතියක් වගේම යුතුකමක් බව ඉරාන ජනපති මෂූඩ් පෙෂෙස්කියන් සඳහන් කරයි. මෙම ඝාතනයන් ඉතිහාසගත අපරාධයන් බවත් මෙම ඝාතන සැලසුම් කළ පුද්ගලයින්ට සහ ක්‍රියාත්මක කළ පුද්ගලයින්ට එරෙහිව යුක්තිය ඉටුකිරීම ඉරාන රජයේ සහ හමුදාවේ යුතුකමක් බවද ඉරාන ජනපති මෂූඩ් පෙෂෙස්කියන් සඳහන් කරයි. ඔවුන්ගෙන් පළිගැනීම සඳහා ඉරානයේ සතු සියලුම ශක්තිය සහ බලය යොදවන බවත් ඉරාන සන්නද්ධ හමුදා ඒ සදහා සූදානම් කර ඇති බවද ඉරාන ජනපති මෂූඩ් පෙෂෙස්කියන් සඳහන් කරයි. මේ අතර අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ඉරාන හමුදාව ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය…
Read More

යුද ගැටුම උග්‍ර අතට.. තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර.!

By Reporter.lk on (LK time) අමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA වාර්තා කරන පරිදි, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි. පර්සියානු ගල්ෆ් කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේදී මෙම මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම මිසයිල ප්‍රහාර වලින් පසුව අදාළ නෞකා ගිනි ගනිමින් පවතින බව ඔවුන් සඳහන් කර ඇතත් අමෙරිකානු හෝ බ්‍රිතාන්‍ය බලධාරීන් මෙතෙක් මෙම වාර්තා තහවුරු කර නොමැත. අදාළ මුහුදු කලාපයේ ආරක්ෂාව සම්බන්ධව සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) සිය දෛනික වාර්තාව මගින් ප්‍රකාශ…
Read More

ඉන්ධන තොග ගැන IOC වෙතින් නිවේදනයක්.!

By Reporter.lk on (LK time) මේ වනවිට මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුධමය තත්ත්වය හමුවේ රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් IOC සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටි IOC සියලුම සැපයුම් මධ්‍යස්ථානවල ප්‍රමාණවත් තරම් පෙට්‍රල් සහ ඩීසල් තොග පවතින බව IOC සමාගම සඳහන් කරයි. එනිසා ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසත් සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාගන්නා ලෙසද IOC සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි. දැනට පවතින පෙට්‍රල් තොග ඉදිරි දින 34ක් සඳහා ප්‍රමාණවත් බවත් ඩීසල් තොග ඉදිරි දින 26ක් සඳහා ප්‍රමාණවත් බවද IOC සමාගම සඳහන් කරයි. මේ අතර Sinopec ඉන්ධන පිරවුම්හල් වලද ප්‍රමාණවත් ඉන්ධන තොග…
Read More

උත්තරීතර නායක කමේනිගේ වගකීම අලිරේසාට.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයේ ටෙහෙරාන් හි පිහිටි කාර්යාලය වෙත එල්ල කළ ප්‍රහාර වලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත්විය. උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනයෙන් පසුව එම ධුරයේ වගකීම සඳහා නව නායකයෙක් පත්කර ඇති අතර ඒ අනුව නව කවුන්සිල ප්‍රධානියා ලෙස ෂියා මූලධර්මවාදී නායක අලිරේසා අරාෆි පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඉරානය දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. 1989 වසරේ සිට දශක තුනකට වැඩි කාලයක් ඉරානය පාලනය කළ 86 වියැති කමේනි එරට උත්තරීතර පාලකයා ලෙස මෙන්ම රාජ්‍යයේ ප්‍රධානියා ලෙසද, ඉරාන විප්ලවීය…
Read More