Local news

පනත් කෙටුම්පත් දෙකකට අනුමැතිය.!

පනත් කෙටුම්පත් දෙකකට අනුමැතිය.!

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 2026.01.09 දින පැවති රැස්වීමේදී අදාළ කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වූ අතර ‍මෙම පනත් කෙටුම්පත්වලට ඇතුළත් විය යුතු තවත් සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගැනීම සහ අමාත්‍ය මණ්ඩල අනුමතිය සඳහා ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බව නිලධාරීහු පෙන්වා…
Read More
ජීවිත එක්ක සෙල්ලම් කළ හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුව යළි කැඳවයි.!

ජීවිත එක්ක සෙල්ලම් කළ හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුව යළි කැඳවයි.!

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව මාර්තු (23) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) දින නියෝග කළේය. මෙම නඩුව මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අතර මෙම නඩුව විභාගයට ගන්නා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර නොතිබීම හේතුවෙන් මාර්තු (23) වනදා යළි කැඳවන බව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනය කළේය.  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන විත්තියේ සාක්ෂි කැඳවීමකින්…
Read More
“ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ” ජනපති ප්‍රධානත්වයෙන් අරඹයි.!

“ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ” ජනපති ප්‍රධානත්වයෙන් අරඹයි.!

'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දමාන සහ ආගමික කටයුතු සඳහා ලබාදීම වෙනුවෙන්, රජය ක්‍රියාත්මක කරන ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (27) දින ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව හෙට (27) දින පෙරවරු 10.00ට ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙන් සහ එදිනම පස්වරු 3.00ට මාතලේ කවටයාමුණ පුරාණ රජමහා විහාරයෙන් ආරම්භ වීමට නියමිතය. ආපදා තත්ත්වය හමුවේ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන දහසකට අධික වූ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර, එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති…
Read More
පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් 6 දෙනාට දුන් නියෝගය.!

පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් 6 දෙනාට දුන් නියෝගය.!

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා අද (26) දින ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හයදෙන ලබන (29) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. තවද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, ලබන (29) වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සිදු කරන ලෙසයි.
Read More
කෙහෙල්බද්දර පද්මේ.? නාමල් CIDයට කැදවයි.!

කෙහෙල්බද්දර පද්මේ.? නාමල් CIDයට කැදවයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (26) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත. ප්‍රකාශයක් ලබාගැනිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත. අපරාධ කල්ලි සමාජාකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ සමග සබදතා පැවැත්වු බව කියන සිද්ධියෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා නාමල් රාජපක්ෂ මෙලෙස කැදවා ඇති බව වාර්තා වේ.
Read More
බස් කොන්දොස්තරවරුන්ටත් මත්ද්‍රව්‍ය පරීක්ෂණ.!

බස් කොන්දොස්තරවරුන්ටත් මත්ද්‍රව්‍ය පරීක්ෂණ.!

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා පැවසූවේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් බස් රථ රියදුරන්ට සිදුකරන පරීක්ෂණ බස් රථ කොන්දොස්තරවරුන්ටත් සිදු කිරීමටත තීරණය කළ බවයි. ඒ අනුව ලබන සතියේ දී බස්නාහිර පළාත තුළ අහඹු ලෙස මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තර මහත්වරුන්ද රාජකාරී කටයුතු සිදුකරන විට සම්පූර්ණයෙන්ම මත්පැන් භාවිතයෙන් වැළකී සිටිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කරයි. මෝටර් රථ පනතට අමතරව අධිකාරිය මගීන් ද මේ සඳහා දඬුවම් ලබාදීම සඳහා නීතිමය ප්‍රතිපාදන පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. බස් රථ බලපත්‍රයක් ලබා දීමේදී කොන්දේසි 38ක් යටතේ එය ලබාදෙන බවත් බස් රථ…
Read More
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 166ක ආයෝජනයක්.!

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 166ක ආයෝජනයක්.!

IFC හෙවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර සංවර්ධනය දක්වා රට සංක්‍රමණය වීම වේගවත් කිරීම සඳහා ඩොලර් මිලියන 166ක ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර ඇත. මෙම ආයෝජනය උපායමාර්ගිකව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාණිජ පුද්ගලික බැංකු 03ක හරහා ලබා දීමට සැලසුම් කර ඇති අතර ඩොලර් මිලියන 50ක ණයක්, අවදානම බෙදා ගැනීමේ පහසුකම් (RSFs) ඩොලර් මිලියන 80ක් සහ වෙළඳ මූල්‍ය සහාය සඳහා ඩොලර් මිලියන 36ක් මේ සඳහා ඇතුළත් වේ. මෙම පුළුල් මට්ටමේ මූල්‍යකරණ පැකේජය කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර සවිබල ගැන්වීම කෙරෙහි වැඩි අවධානය යොමු කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා…
Read More
වෛද්‍යවරුන් හෙට සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක.!

වෛද්‍යවරුන් හෙට සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක.!

දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු හෙට (26) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව හෙට උදෑසන 08.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග 05කට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස අද (25) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කරයි. බාහිර ඔසුසල්වලින් මිලදී ගත යුතූ ඖෂධ නියම කිරීම සහ රසායනාගාරවලින් කළ යුතූ පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතූළු කටයුතු වලින් ඉවත් වෙමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More
කැනඩාවට 100%ක තීරුබදු.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

කැනඩාවට 100%ක තීරුබදු.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

කැනඩාවට 100%ක තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. යම් හෙයකින් චීනය සමග කැනඩාව වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එක්සත් ජනපදයට පැමිණෙන සියලුම කැනේඩියානු භාණ්ඩ හා නිෂ්පාදන සඳහා 100%ක තීරුබදු පැනවීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි. චීනය විසින් කැනඩාව පණපිටින් අනුභව කරනු ඇති බවත් ඔවුන්ගේ ව්‍යාපාර, සමාජ ව්‍යූහය සහ සාමාන්‍ය ජිවන රටාව විනාශ කරනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා කැනඩාවට අනතුරු අඟවා ඇත. මෙම ගිවිසුම සම්බන්ධව සිය Truth Social හී සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, එම ගිවිසුමෙන් තම රටට අනතුරක් විය හැකි බවයි.
Read More
ජනතාව වෙනුවෙන් දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක්.!

ජනතාව වෙනුවෙන් දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක්.!

රජයේ සුවපත් රටක් උදෙසා වැඩසටහන යටතේ නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පිහිටුවීම සිදුකරයි. මේ වසර තුළ රුපියල් මිලියන 1500ක වියදමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ස්ථාපිත කිරීම අපේක්ෂාවයි. බෝ නොවන රෝග හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ පාලනය, පිළිකා කලින් හඳුනා ගැනීම, සුළු ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා මෙම මධ්‍යස්ථානය තුළින් ජනතාවට ලබාදීමට නියමිතය. තවද පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන්ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර ‌ සේවා, තෝරාගත් රසායනාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා…
Read More