27
Jan
මධ්‍ය කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පනතක් ඇති කිරීමටත් ඒ යටතේ අධිකාරියක් පිහිටුවීමටත් තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, "ආසියානු සංවර්ධන බැංකුව මෑතකදී අපිට සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාව අනුව මධ්‍යම කඳුකරය අතීතයේ පැවති ආකාරයත්, වර්තමානයේ තිබෙන ආකාරයත් මේ අන්දමට ඉදිරියට පැවතියහොත් අනාගතයේ ඇතිවන තත්ත්වය පිළිබදවත් අපිට වාර්තා කර තිබෙනවා. අනාගතයේද පස් සෝදා ගොස් ගල් විතරක් මතුවන තත්ත්වයක් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මේ මධ්‍යම කඳුකරයේ බොහෝ ජලාශ රොන් මඩවලින් පිරෙන තත්ත්වයක් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා මධ්‍ය කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පනතක් ඇති කිරීමටත් ඒ යටතේ අධිකාරියක්…
