Local news

UAE වෙත ඕනෑම ආකාරයකින් සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම්.!

By Reporter.lk on (LK time) එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇත. එහිදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කනගාටුව ප්‍රකාශ කර ඇත. සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.  ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ස්ථිරව සිටින බවත් හැකි ඕනෑම ආකාරයකින් සහාය වීමට සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.  සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර…
Read More

කුරුණෑගල – දඹුල්ල අධිවේගය කඩිනමින් ඉදිවෙයි.!

By Reporter.lk on (LK time) මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පුර්ණ අපේක්ෂිත ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීම පිණිස මුළු දිග කිලෝමීටර 58.6ක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එම අදියරේ ඉදිකිරීම සඳහා හඳුනාගත් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කිරීම පිණිස 2025-06-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ භෞතික ප්‍රතිය 73.3%ක් වන අතර, ඉඩම් අත්පත් කර ගැනීම සඳහා තව දුරටත් වන්දි ගෙවීම සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, මධ්‍යම අධිවේගී…
Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවතට.!

By Reporter.lk on (LK time) 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-2-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂාත්‍රයෙන් සකස් කරනු ලැබ ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට නීතිපතිගේ අවසරය  ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙතඉදිරිපත් කිරීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Read More

ශ්‍රී ලංකාවට හදිසි ප්‍රතිකාර පද්ධති කාර්යාලයක්.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. ශ්‍රී ලංකාව තුළ හදිසි අනතුරු හා කම්පන තත්ත්වයන්, මාර්ග අනතුරු සහ දරුණු හෘදයාබාධ හා ආඝාත තත්ත්වයන් හේතුවෙන් සිදු වන හදිසි රෝහල්ගත වීම් වර්ධනය වෙමින් පවතින බැවින්, එම තත්ත්වයන්ට හදිසි ප්‍රතිචාර දැක්වීම පිණිස පවත්නා සීමිත සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ හා ප්‍රමිතිගත ව්‍යූහයක් යටතේ ස්ථාපිතකිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවාවන්ගේ සම්බන්ධීකරණය, නියාමනය සහ ප්‍රවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ…
Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකා වලට අමෙරිකාවෙන් ආරක්ෂාව.!

By Reporter.lk on (LK time) හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදාව සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. සමුද්‍රීය වෙළෙඳාම සඳහා ගල්ෆ් හරහා ගමන් කරන බලශක්ති නැව් සඳහා දේශපාලන අවදානම් රක්ෂණයක් සහ මූල්‍ය ආරක්ෂක සහතික ලබාදෙන ලෙස එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාවට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. තවද ගෝලීය බලශක්ති සැපයුම්වල නිදහස් ප්‍රවාහනය වොෂින්ටනය සහතික කරනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.
Read More

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් අතුරුදන්.!

By Reporter.lk on (LK time) මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර හමුවේ මේ වනවිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු යහතින් සිටිනවාද.? නැද්ද.? යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාව සහ ඊශ්‍රායලය පසුගිය (28) වැනිදා එක්වී සිදුකළ ප්‍රහාර වලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මරා දැමීමෙන් පසුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ප්‍රකාශයක් කළේය. එහෙත් ඉන්පසුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර යුදමය ගැටුම් හමුවේ ඔහු සම්බන්ධයෙන් හෝ ඔහුගේ ප්‍රකාශ සම්බන්ධව ඊශ්‍රායල රජය හෝ එරට මාධ්‍ය කිසිවක් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් ඉරාන හමුදාව විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර…
Read More

අනතුරට පත් ඉරාන නෞකාවේ 180ක පිරිසක්.. මුදාගත් පිරිස කරාපිටිය රෝහලට.!

By Reporter.lk on (LK time) අද (04) දින අලුයම ගාල්ල මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් 'IRIS Dena' නෞකාවේ 180ක පිරිසක් සිට ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (04) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි. ගාල්ලට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අනතුරට පත් නෞකාවේ සිටි 30 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගෙන මේ වනවිට කරාපිටිය රෝහල වෙත රැගෙන විත් ඇති බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි. අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත බේරාගැනීම වගකීමක් වන බැවින් මෙම මෙහෙයුම සිදුකළ අතර ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මේ සම්බන්ධයෙන් කටයුතු…
Read More

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

By Reporter.lk on (LK time) මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. ඒ අනුව මැදපෙරදිග රටවල රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පහතින්.. කුවේට් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන තුන්ලක්ෂ විසිදෙදාහස් හාරසිය තිස් හතයි. සෞදි අරාබියේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන දෙලක්ෂ හතලිස්දෙදාහස් පන්සිය අනූ තුනයි. කටාර් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන දෙලක්ෂ තුන්දහස් එකසිය අසූ දෙකයි. එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන එක්ලක්ෂ හැත්තෑදහස් හාරසිය හැට අටයි. ඕමානයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් ගණන තිස්හයදාස් අටසිය දොළහයි. ඊශ්‍රායලයේ රැකියාවල නිරත ශ්‍රී…
Read More

ගාල්ලට ආසන්න මුහුදේදී නෞකාවක් අනතුරට.!

By Reporter.lk on (LK time) ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට ලක්වී ඇත. අනතුරකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි 35 දෙනෙකු පමණ මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන එමින් පවතී. ඔවුන් ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව ගාල්ල කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. තවද නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිරීක්ෂණ ගුවන් යානයක් යොමු කර ඇත.
Read More

ඉරානයෙන් බරපතල අනතුරු ඇඟවීමක්.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම් මැදපෙරදිග පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බවට ඉරානය අනතුරු අඟවා ඇත. ඒ අනුව දිගින් දිගටම පහරදීමට තීරණය කළ හොත් මැදපෙරදිග සියලුම ආර්ථික මධ්‍යස්ථාන වෙත පහරදීමට කටයුතු කරන බවට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක ජෙනරාල් ඊබ්‍රහිම් ජබ්බාරි සඳහන් කර ඇත. දැනට හෝමුස් සමුද්‍ර සන්දිය වසා දැමූ බවත් මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 80 ඉක්මවා ගොස් ඇති බැවින් එය ඉක්මනින් ඩොලර් 200 දක්වා ළඟා විය හැකි බවද ආරක්ෂක ජෙනරාල් ඊබ්‍රහිම් සඳහන් කර ඇත. කෙසේ වෙතත් මේ වනවිට ඉරානයට එල්ල වී ඇති ප්‍රහාර හමුවේ පුද්ගලයින් 700කට…
Read More