Foreign news

අමෙරිකාවෙන් ඉරාන නෞකා රැසකට දැවැන්ත ප්‍රහාර.!

By Reporter.lk on (LK time) ඉරාන නාවික හමුදාවට අයත් නෞකා සහ යාත්‍රා 16ක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී එම ඉරාන නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා 16ක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය සඳහන් කරයි. ලෝකයේ ප්‍රධානතම තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන බලශක්ති මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානය යුද නෞකා ඇති බවට ලද බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
Read More

ඉරානයට දරුණුතම ප්‍රහාර එල්ල කරන දිනය අදයි.!

By Reporter.lk on (LK time) ඉරානය වෙත එල්ල කරන දරුණුතම ප්‍රහාර එල්ල කරන දිනය අද (10) වනු ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත. පෙන්ටගනයේ අද (10) පැවති පුවත්පත් සාකච්ඡාවකදී අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මේ බව සඳහන් කරයි.
Read More

කිසිදු රටකට බොරතෙල් අපනයනය කරන්න දෙන්නෑ.. ඉරානයෙන් රතු එළියක්.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය තවදුරටත් ඉරානය වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් මැදපෙරදිග කලාපයේ කිසිදු රටකට බොරතෙල් අපනයනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ඉරාන විප්ලවීය හමුදාව සඳහන් කරයි. මැදපෙරදිග කලාපය ආශ්‍රිතව පවතින යුද තත්ත්වය අවසන් කළ යුත්තේ, ඉරානය බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය හමුදාව මේ බව සඳහන් කර ඇත. එනිසා තවදුරටත් ඉරානය වෙත අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයෙන් බොරතෙල් ලීටරයක් හෝ අපනයනය කිරීමට අවස්ථාව හිමිනොවනු ඇති බවද ඉරාන විප්ලවීය හමුදාව සඳහන් කරයි. මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් එය මෙම සතිය තුළ…
Read More

යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ ඉරානය.. අමෙරිකාවට අනතුරු අඟවයි.!

By Reporter.lk on (LK time) ඉරානයේ මෙහෙයුම අති සාර්ථක බවත් අමෙරිකානු හමුදාවට තවත් ඉරානයේ ඉලක්ක ඇති නමුත් ඒවා එක් දිනකින් විනාශ කළ හැකි ඒවා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානය සඳහන් කළේ, යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නේ තමන් බවයි. අමෙරිකානු සහ ඊශ්‍රායලය ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවද ඉරානය සඳහන් කරයි. කලාපයේ අනාගතය දැන් ටෙහෙරානයේ හමුදාවන්ගේ අතේ බව ඉරානයේ ස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අවධාරණය කර ඇත. තවද අමෙරිකාවේ නාවික බලඇණි කලාපයට එන තෙක් ඉරාන හමුදා මගබලා සිටින බවද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ…
Read More

ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් 5කට ඔස්ට්‍රේලියාවේ රැකවරණය.!

By Reporter.lk on (LK time) තම මව් රටේ පවතින තත්ත්වයට දැඩි විරෝධය පෑ ඉරාන කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ඔස්ට්‍රේලියාව විසින් මානුෂීය වීසා බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇත. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔස්ට්‍රේලියාව විසින් රැකවරණය ලබාදුන් ක්‍රීඩිකාවන් වන්නේ, සාරා සර්බාලි අලිෂා (Zahra Sarbali Alishah), මොනා හමූදි (Mona Hamoudi), ෆාතිමා පසන්දිදේ (Fatemeh Pasandideh), සාරා ගන්බාරි (Zahra Ghanbari), අතේෆේ රමසානිසාදේ (Atefeh Ramezanizadeh) ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටි ඉරාන කාන්තා කණ්ඩායම, දකුණු කොරියාවට එරෙහිව පැවති තරගයේදී ඉරාන ජාතික ගීතය ගායනා…
Read More

ඉරානයේ නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්.!

By Reporter.lk on (LK time) පසුගියදා අමෙරිකානු ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරා ⁣පත්කරගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඊයේ නිවේදනය කළේය. ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්ටාබා කමේනි පත්කර පැය කිහිපයකට පසුව ඔහු ඉලක්ක කරගෙන අමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. එම ප්‍රහාරය හේතුවෙන් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි තුවාල ලබා ඇති බව වාර්තා වේ. මේ අතර අමෙරිකාව දිගින් දිගටම ප්‍රකාශ කළේ, කවුරු උත්තරීතර නායකයා ලෙස පත් කළත් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව විසින් තෝරා පත්කර ගන්නා නායකයෙක් යටතේ පාලනය වන රාජ්‍යයක් උදාවන තුරු කිසිදු පුද්ගලයෙක්ට එම…
Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටරයක් කඩා වැටෙයි.!

By Reporter.lk on (LK time) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එරට හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් දෙදෙනා ජාතික රාජකාරිය ඉටු කරමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත. දිවි පිදූවන් දෙදෙනාගේ පවුල්වලට සිය ගැඹුරු ශෝකය සහ අනුකම්පාව පළ කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. 
Read More

ඉරානය යටත් වෙනකම් අමෙරිකාව යුද මෙහෙයුම් පවත්වනවා.!

By Reporter.lk on (LK time) සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා තුරුම ඉරානයට එරෙහි යුද මෙහෙයුම් තවදුරටත් පවත්වාගෙන යාම අමෙරිකාවේ අපේක්ෂාව වී ඇති බව එරට ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි. මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී එහි අවසානයක් හෝ සීමාවන් පිළිබඳ සතුරු පාර්ශවයට හෝ වෙනත් ආකාරයකට ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි. ජයග්‍රහණය අරමුණු කරගනිමින් අමෙරිකාව වෙනුවෙන් මෙම සටන සිදුකරන බවත් මේ වනවිට ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන් පාහේ අවසන් වී ඇති බවද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි. අමෙරිකාව සමඟ සටන් කිරීමට හැකියාවක් නොමැති බවට අවබෝධ කරගත් පසුව ඉරානය යටත් වනු ඇති බවද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.
Read More

ඉරානයේ නව උත්තරීතර නායකයා පත් කරයි.!

By Reporter.lk on (LK time) පසුගියදා ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්ටාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්කරගත් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර ඇත. අධිකරණයේ සහ ආරක්ෂක හමුදාවේ බලය හිමි, ඉරාන පාලන තන්ත්‍රයේ ඉහළම තනතුර ලෙස, "උත්තරීතර නායකයා" සැලකේ. 1969 සැප්තැම්බර් (08) වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ. 56 හැවිරිදි මොජ්ටාබා හමනේයි, 1980 දශකයේ ඉරාක ඉරාන යුද්ධයේදී, ඉරාන හමුදාව වෙනුවෙන් සටන් කළ අයෙකි. කෙසේ නමුත් ඔහු කිසිදු අවස්ථාවක මහජන ඡන්දයක් සඳහා පෙනී සිට නොමැති අතර ප්‍රසිද්ධ දේශනා පැවැත්වීමෙන්ද වැළකී සිටි අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More

අමෙරිකානු දැවැන්ත ගුවන් යානා දෙකක් බ්‍රිතාන්‍යයට.!

By Reporter.lk on (LK time) අමෙරිකානු ගුවන් හමුදාවට අයත් දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් බ්‍රිතාන්‍යයේ ගුවන් කඳවුරක් වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C-17A Globemaster සහ Lockheed C-5 Galaxy යන යානා මෙලෙස බ්‍රිතාන්‍යයේ ෆෙයාර්ෆෝර්ඩ් 'RAF Fairford' කඳවුර වෙත පැමිණ ඇත. මෙම ගුවන් යානා පැමිණීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා ඇත.
Read More