Foreign news

ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්.!

By Reporter.lk on (LK time) ඉරානයට එරෙහිව පවතින යුද්ධය අවසන් කරන්නේ බලයේ සිටින සියලු නායකයින් මුලිනුපුටා දැමීමෙන් අනතුරුව බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, "හොදයි හැම අවුරුදු 10කට වරක් පැමිණ මේ දේ සිදු කරන්න නැවත ඉඩ දෙන්න ඕනේ නැහැ. එයයි බලාපොරොත්තුව ඒ නිසා අපි තෝරා ගන්න ඕනේ ඉරානය නැවත යුද්ධයකට රැගෙන යන්නේ නැති නායකයෙක්." "ඔවුන් දැනටමත් විනාශ වෙලයි ඉන්නේ. මම හිතන්නේ නැහැ ඔවුන් යටතේ වෙනවා කියලා කියන්න එක්කෙනෙක්වත් තවත් ඉතුරු වෙයි කියලා."
Read More

යුද්ධය වහාම නතර කරන්න.. සාමයට ඉඩ දෙන්න.!

By Reporter.lk on (LK time) මේ වනවිට ඉරානයේ පවතින යුද්ධය වහාම නතර කරන ලෙසත් මෙම ගැටුම හේතුවෙන් ලෙබනනය ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයම අස්ථාවර විය හැකි බව 14 වන ලියෝ පාප් වහන්සේ පවසයි. ඉරානයෙන් සහ මැදපෙරදිග කලාපයෙන් ලැබෙන පුවත් තමන් තුළ දැඩි කම්පනයක් ඇති කර ඇති බව Angelus යාඥාවෙන් පසුව බැතිමතුන් අමතමින් උන්වහන්සේ පවසයි. ප්‍රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර එය නතර කිරීමේ සදාචාරාත්මක වගකීම සියලු පාර්ශවයන් සතු බවද පාප් වහන්සේ අවධාරණය කර ඇත. "වෛරය සහ බිය රජයන මෙවන් වටපිටාවක, මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වී ලෙබනනය වැනි රටවල් යළිත් අස්ථාවරත්වයට පත්වනු ඇතැයි යන බියක් පවතිනවා,"  "බෝම්බ වල බයංකාර හඬ නතර වේවා, අවි ආයුධ…
Read More

ඉරාන වැසියන් නිවෙස් තුළට වී සිටින්න.. අමෙරිකාව අනතුරු අඟවයි.!

By Reporter.lk on (LK time) අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ඉරානයේ වෙසෙන සිවිල් වැසියන්ට තම නිවෙස් තුළම රැඳී සිටින ලෙසට අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කර ඇත. අමෙරිකාවේ මධ්‍යම අණදෙන මූලස්ථානය 'CENTCOM' නිවේදනයක් නිකුත් කරමින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. ඉරාන හමුදා විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා එරට ජනාකීර්ණ ප්‍රදේශ භාවිතා කරන බවත් ඉරාන රජයේ මෙම තීරණය එරට සිවිල් වැසියන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් කරන බවද ඔවුන් සඳහන් කරයි. අමෙරිකාවේ මධ්‍යම අණදෙන මූලස්ථානයේ අණදෙන නිලධාරී අද්මිරාරල් බ්‍රැඩ් කූපර් සඳහන් කළේ, "ඉරානයේ ත්‍රස්තවාදී පාලන තන්ත්‍රය තමන්ගේම ජනතාවගේ ආරක්ෂාව අනතුරේ හෙළමින්, ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීම හරහා සිවිල්…
Read More

ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැල්ලක්.!

By Reporter.lk on (LK time) අද (08) දිනයේ උදෑසන සිට ගල්ෆ් කලාපය පුරා රටවලට එල්ලකරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර ඉරානය විසින් වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉන්ධන ගබඩාවක් ඉලක්ක කර ඩ්‍රෝන යානා රැසක් එල්ල කළ බවත් එම ප්‍රහාර ව්‍යාර්ථ කිරීමට සමත් වු බව කුවේටය සඳහන් කරයි. එහෙත් මහල් 22කින් යුත් එරට සමාජ ආරක්ෂණය සඳහා වූ මහජන ආයතනයේ ගොඩනැගිල්ලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර අද අලුයම ඩ්‍රෝන ප්‍රහාර වලට මුහුණ දුන් බවත් අවම වශයෙන් ඩ්‍රෝන යානා 21ක් විනාශ කළ බවද සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More

ඉරානයෙන් නවතම ප්‍රතිප්‍රහාර මාලාවක්.. කුවේටයටත් මිසයිල ප්‍රහාර.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලයට එරෙහිව ඉරාන හමුදාව විසින් නවතම ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ. ඉරාන හමුදාව විසින් මෙම නවතම ප්‍රහාරය "ටෲ ප්‍රොමිස් (Operation True Promise) මෙහෙයුමේ 27 වන රැල්ල" ලෙස හඳුන්වාදී ඇත. කුවේටයේ පිහිටි 'අරිෆ්ජාන්' (Arifjan) අමෙරිකානු හමුදා කඳවුරේ මූලස්ථානය ඉලක්ක කර ගනිමින් ඉතා නිවැරදි ඉලක්ක වෙත පතිත වන මිසයිල (precision-strike missiles) ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව සඳහන් කරයි.
Read More

නෝර්වේ අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්.!

By Reporter.lk on (LK time) නෝර්වේ ඔස්ලෝ අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසල පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ දොරටුවට අසල මෙම පිපිරීම සිදුව ඇති බවත් පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරීමට හේතුව හෝ එය පිටුපස සිටින්නේ කුමන පාර්ශ්වයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔස්ලෝ අගනුවර පොලීසිය සඳහන් කරයි.
Read More

අද ඉරානයට දරුණු ප්‍රහාර එල්ල කරනවා.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

By Reporter.lk on (LK time) අද (07) දින‍ය තුළදී ඉරානයට ඉතා දරුණු ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවා ඇත. ඉරානය තම මැදපෙරදිග අසල්වැසියන්ගෙන් සමාව අයැද යටත් වී ඇති බවත් මින් ඉදිරියට ඔවුන්ට වෙඩි නොතබන බවට පොරොන්දු වී ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. මෙතෙක් කල් ඉලක්ක කිරීමට සලකා නොබැලූ ප්‍රදේශ සහ පුද්ගල කණ්ඩායම්, සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සහ ස්ථිර මරණය ළඟා කරවීම සඳහා මේ වනවිට දැඩි ලෙස සලකා බලමින් පවතින බවද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. කෙසේ වෙතත්, ඉරානය තම අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර සම්පූර්ණයෙන්ම නතර කර නොමැති අතර ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක්…
Read More

එල්ල කළ ප්‍රහාර වලට ඉරාන ජනපති සමාව අයදී.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වී සිදුකළ ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කලාපීය රට වලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් එම රට වලින් සමාව අයැද ඇත. අසල්වැසි රටවල් වලට ප්‍රහාර එල්ල කිරීමට සිට රටට අවශ්‍යතාවක් නොමැති බවත් සාමය සහ සන්සුන්භාවය ස්ථාපිත කිරීම කලාපීය සහයෝගීතාව ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා ඇත. ඉරානයට එරෙහි ප්‍රහාරයක් අසල්වැසි රට වලින් එල්ල නොවන්නේ නම්, ඉරානය කලාපීය රට වලට පහර නොදෙන බවද ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කරයි. ඉරාන ජනපති මසූඩ් පෙසෙෂ්කියන් එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් විකාශය කරමින් මේ බව සඳහන් කරයි.
Read More

යුද ගැටුම් අස්සේ ඉරානයට භූමිකම්පාවක්.!

By Reporter.lk on (LK time) අද (07) දින ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරයි. භූමිකම්පාව බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 74ක් බටහිරින් සහ කිලෝමීටර් 10ක් ගැඹුරට සිදුව ඇති බවද අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරයි.
Read More

ඉරානයේ ප්‍රධාන ගුවන්තොටුපළකට ප්‍රහාරයක්.!

By Reporter.lk on (LK time) ඉරානයේ කාර්යබහුලම මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අද (07) දින අලුයම ප්‍රහාරයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ ප්‍රහාරය එල්ල වීමත් සමග විශාල දුම් වළාවක් නිකුත් වී ඇති අතර ඊට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වනවිට නිකුත් වී ඇත. මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාන කිහිපයක්ම සතුරන්ගේ ඉලක්ක වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි. ඉරානයේ ප්‍රධානම ගුවන්තොටුපොළක් ලෙස මෙහ්රාබාද් ගුවන්තොටුපොළ සැලකෙන අතර එම ප්‍රහාරය එල්ල වන විට ගුවන්යානා කිහිපයක්ම තිබූ බව වාර්තා වේ.
Read More