රටවල් කිහිපයක් Work From Home අරඹයි.!

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ඉන්ධන මිල ගණන් ඉහළ⁣ ගොස් ඇත.

ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ලොව පුරා රටවල් කිහිපයක් සිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට ඉන්ධන ඉතිරි කිරීමේ අරමුණින් නිවසේ සිට රාජකාරි කිරීමට (Work from home) අවස්ථාව ලබාදී ඇත.

පාකිස්තානය, වියට්නාමය, පිලිපීනය, තායිලන්තය වැනි රටවල් මෙම තීරණය ගෙන ඇති බවත් කුවේටයේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල සඳහා නිවාඩු ලබාදී ඇති බවත් පාකිස්තානයේ ඊද් මුබාරක් නමැති උත්සවය දින තෙක් සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති බවද සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments