Local news

උත්තරීතර නායක කමේනි ඇතුළුව ඝාතනය කළ හමුදා ප්‍රධානීන් මෙන්න.!

උත්තරීතර නායක කමේනි ඇතුළුව ඝාතනය කළ හමුදා ප්‍රධානීන් මෙන්න.!

By Reporter.lk on (LK time) ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඝාතනයට ලක්වූ ඉරාන හමුදා ප්‍රධානීන් අතර රටේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල්රහිම් මවුසාවි, ආරක්ෂක අසීස් නසීර්සාදේ (Aziz Nasirzadeh), ඉරාන විප්ලවීය බලකායේ (IRGC) අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් (Mohammad Pakpour), උත්තර්තර නායකයාගේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක අලි ශම්බානි (Ali Shamkhani), උත්තර්තර නායකයාගේ හමුදා කාර්යාංශයේ ප්‍රධානී මොහොමඩ් ශිරාසි (Mohammad Shirazi), යුධ තාක්ෂණ කාර්යාංශයේ (SPND) සභාපති හුසේන් අමේලියන් (Hussein Amelian), එහි හිටපු සභාපති රේසා නියා (Reza Nia) සහ ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානයේ බුද්ධි අංශ…
Read More
ශම්මි සිල්වා ඉල්ලා අස්වෙන්න.. ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා අරඹයි.!

ශම්මි සිල්වා ඉල්ලා අස්වෙන්න.. ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා අරඹයි.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්ත පරාජය හමුවේ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලමින් ක්‍රිකට් ලෝලීන් පිරිසක් අද (01) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරි පිට විරෝධතාවක නිරත විය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු සියලු නිලධාරී මණ්ඩලයට වහාම ධුරවලින් ඉල්ලා අස්වී ගෙදර යන ලෙසද විරෝධතාකරුවන් සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය යළි ඇති කිරීමට පාලක මණ්ඩලය අපොහොසත් වී ඇති බවත් ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට වත්මන් නිලධාරීන් සෘජුවම වගකිව යුතු බවද විරෝධතාකරුවන් සඳහන් කරයි. භික්ෂූන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් මෙම…
Read More
බූලිවලට ඉන්ධන නිකුත් කරන්න එපා.. නීතිය ක්‍රියාත්මකයි.!

බූලිවලට ඉන්ධන නිකුත් කරන්න එපා.. නීතිය ක්‍රියාත්මකයි.!

By Reporter.lk on (LK time) මේ වනවිට මැදපෙරදිග ඇතිව තිබෙන යුධමය ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුමට ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ජනතාවට දැනුම්දීමක් කර ඇත. ඒ අනුව මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් නොවන බවත් අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඇණවුම් කර ඇති ඉන්ධන තොග ලැබීමේ ප්‍රමාදයක් ඇති නොවනු ඇති බවද සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි. අද (01) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ, "අපි මේක කියන්නේ වගකීමක් සහිතව. ඒ නිසා පෝළීම්වල ඉන්න එකේ තේරුමක් නැහැ. අපි අද (01) තෙල් බෙදාහරින්න නෙවෙයි හිටියේ. ජනතාව තෙල් පරිභෝජනය කරන නිසා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කරන සියලු…
Read More
මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි.!

මැදපෙරදිග සියලු ගුවන් ගමන් අත්හිටුවයි.!

By Reporter.lk on (LK time) මේ වනවිට මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත. අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් 25ක් මෙලෙස අවලංගු කර ඇත. අවසාන ගමනාන්තය මැදපෙරදිග හෝ මැදපෙරදිග හරහා වෙනත් ගමනාන්තයන් වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර තම ගුවන් සේවා නියෝජිතයන් ඇමතීම, ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපි සහ කෙටි පණිවිඩ වෙත සිය අවධානය යොමු…
Read More
ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

By Reporter.lk on (LK time) සිය සමාගම මඟින් ආනයනය කරන ලද නව ගෑස් තොගයක් අද දිවයිනට ළඟා වූ බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි. ඒ අනුව, අද දින සිට එම ගෑස් තොගය වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර, ගෘහස්ථ පාරිභෝගිකයන්ට සාමාන්‍ය පරිදි සිය අලෙවි නියෝජිත ජාලය හරහා ගෑස් සිලින්ඩර් මිලදී ගැනීමේ හැකියාව පවතින බව ද සමාගම පෙන්වා දෙයි. පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් පැවති අතර, එම තත්ත්වය හේතුවෙන් ලිට්‍රෝ ගෑස් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවිය. ඒ සමඟම දින කිහිපයක් ලිට්‍රෝ ගෑස් සැපයුම ද සීමා වීමෙන් වෙළඳපොළ තුළ එහි හිඟයක් ද දක්නට ලැබුණි. නව ගෑස් තොගය…
Read More
ඉවත් වීමට සනත් තීරණය ගනියි.

ඉවත් වීමට සනත් තීරණය ගනියි.

By Reporter.lk on (LK time) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සමඟ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ අද (28) පැවැත්වෙන තරගය, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා මෙහෙයවන අවසන් තරගය ලෙස සැලකේ. මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව තමන් ධුරයෙන් ඉවත් වන බව ජයසූරිය මහතා තරගාවලිය ආරම්භයට පෙර සිටම පැහැදිලි කර තිබූ අතර, එම තීරණය මේ වන තෙක් වෙනස් කර නොමැති බව වාර්තා වේ. සමුගැනීම සම්බන්ධයෙන් කළ විමසීම්වලදීද ඔහු සඳහන් කර ඇත්තේ, ප්‍රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කොන්ත්‍රාත් කාලයක් පැවතිනද එම ධුරයේ රැඳී සිටීමට තමන් අදහස් නොකරන බවයි. 2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගමාලාවේදී තාවකාලික පුහුණුකරු ලෙස වගකීම් භාරගත්…
Read More
හමුදාව විසින් සිදුකරන ව්‍යාපාර වලින් සාමාන්‍ය ජනතාව ඉවත් කිරීමට නව නීතියක් සම්මතවෙයි.

හමුදාව විසින් සිදුකරන ව්‍යාපාර වලින් සාමාන්‍ය ජනතාව ඉවත් කිරීමට නව නීතියක් සම්මතවෙයි.

By Reporter.lk on (LK time) යාපනය ප්‍රදේශයේ යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් මහජනතාවගේ සහභාගීත්වය සීමා කිරීමට පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව විසින් නව නීතිමය යෝජනාවක් සම්මත කර ඇත. එම යෝජනාව අනුව, යාපනයේ යුද හමුදාව පවත්වාගෙන යන ජන අවන්හල් හා අනෙකුත් වාණිජ ව්‍යාපාරවල උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ව්‍යාපාරික සම්බන්ධතා නවතා දැමීම මූලික අරමුණ වේ. එමෙන්ම, සාමාන්‍ය මහජනතාව එම ස්ථානවලින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමද වළක්වා ගැනීමට මෙය යොමු වී ඇත. ජනතාව සහ යුද හමුදාව අතර සෘජු ව්‍යාපාරික සබඳතා අවම කර දෙපාර්ශවය අතර පැහැදිලි වෙන්වීමක් ඇති කිරීම මෙම නව යෝජනාවේ ප්‍රධාන අරමුණ බව සඳහන් වේ. මෙම යෝජනාව පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ ඒකමතික අනුමැතියට…
Read More
මේ වන විට පොලිස් නිලධාරීන් 100ක් ම අත්අඩංගුවට

මේ වන විට පොලිස් නිලධාරීන් 100ක් ම අත්අඩංගුවට

By Reporter.lk on (LK time) මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරින් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙන බවත් ඔවුන් සේවයෙන් ඉවත් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි. අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් ඒවා තමාට සෘජුවම දැනුම්දෙන ලෙසත් තමාගේ ජංගම දුරකතනය පැය 24ම මහජනතාවට විවෘත බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ, “මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ අස්සක් මුල්ලක් නෑර මේ ජාවාරම්කාරයෝ පිරිලා ඉන්නවා. සෙසු රාජ්‍ය ආයතන වලත් හිටියා. පොලීසියෙත් හිටියා. පෙරේදාත් ග්‍රෑම් 700ක් එක්ක පොලීසියේ කෙනෙක් ගත්තා. පොලිස් නිලධාරියෙක් කියලා නීතිය අඩුවෙන්…
Read More
ලෝකයම බලාසිටින තරගය අදයි.!

ලෝකයම බලාසිටින තරගය අදයි.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක සහ ලෝකයේම අවධානය දිනාගත් තරගය අද (15) කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.ඉන්දියා – පාකිස්තාන තරගය ලෝකයේ විශාල පිරිසක් නරඹන තරගය වන අතර මේ වනවිටත් මෙම තරගයේ සියලුම ප්‍රවේශපත්‍ර විකිණී අවසන්.ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රී 7.00ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.මෙම තරගය නැරඹීම සඳහා ලොව පුරා විවිධ රට වලින් නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයින් මෙරටට පැමිණ ඇත.
Read More
පළමු ජය වාර්තා කළ සිංහ පෝතකයින්.!

පළමු ජය වාර්තා කළ සිංහ පෝතකයින්.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති පළමු තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කරගැනීමට සමත් විය.අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 143ක් පමණි.
Read More