02
Mar
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකු සිටින බව වාර්තා වන අතර ඔහු ඇතුලු විදේශිකයින් 58 දෙනෙකුට සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර හදිසි අවශ්‍යතාවයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපති කාර්යාල නිලධාරීන් දැනුවත් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. යම් අවශ්‍යතාවයක් මතුවුවහොත් කඩිනමින් තමන් වෙසෙන රටේ තානාපති කාර්යාලය අමතා තොරතුරු දැනුම් දෙන ලෙසද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙයි.
