Local news

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ගබඩා සංකීර්ණය පරික්ෂා කරයි.!

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ගබඩා සංකීර්ණය පරික්ෂා කරයි.!

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (12) දින, ආපදා සහන ආධාර ගබඩා කිරීමේ සහ ඛෙදාහැරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) විසින් මෙහෙයවනු ලබන ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එම මධ්‍යස්ථානයේ සැපයුම් සම්බන්ධීකරණ කටයුතු විමසා බැලූ අතර, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙත අත්‍යවශ්‍ය සහන සැපයුම් යැවීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළේය. ඔහු එම මධ්‍යස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, සැපයුම් මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. භාණ්ඩ හැසිරවීමේ ක්‍රියාවලිය තුල පවතින දෝෂ අවම කිරීම සහ නිරවද්‍යතාවය සහතික කිරීම සඳහා, මෙරටට ලැබෙන සියලු ආධාර තොග ගුවන්තොටුපළේදී හෝ…
Read More
නායයෑම් රතු නිවේදන නිකුත් කරයි.!

නායයෑම් රතු නිවේදන නිකුත් කරයි.!

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, හාරිස්පත්තුව, උඩුනුවර, යටිනුවර, පූජාපිටිය, පස්බාගේ කෝරළේ, කුණ්ඩසාලේ, හතරලියැද්ද, පාතහේවාහැට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණතොට, හාලිඇල, මීගහකිවුල, ලුණුගල, වැලිමඩ, හල්දුම්මුල්ල, පස්සර, ඇල්ල සහ හපුතලේ…
Read More
රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක්.!

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක්.!

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් දීමනාවක් එලෙස ලබාදෙන බවයි. රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමෙන් ගෙවනු ලබන උත්සව අත්තිකාරම් හෝ වෙනත් අත්තිකාරම් වලට එය අදාළ වන්නේ නැති අතර 2026 වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි (28) වැනිදා දක්වා ගෙවීම් කළ හැකිය. සමාන මාසික කොටස් 10කින් වර්ෂයකට 8% බැගින් වූ පොලියක් සහිතව එය අය කරගත යුතු බව, අදාළ චක්‍රලේඛයේ දැක්වේ.
Read More