Local news

ඉරාකයේ සියලුම පළාත්වල විදුලිය බිඳවැටෙයි.!

ඉරාකයේ සියලුම පළාත්වල විදුලිය බිඳවැටෙයි.!

By Reporter.lk on (LK time) ඉරාකයේ සියලුම පළාත්වල ජාතික විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවත් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාක බලධාරීන් දැනට බිඳවැටීමට හේතු විමර්ශනය කරමින් සිටින අතර බලාගාර නැවත ආරම්භ කිරීමට සහ විසන්ධි වූ සම්ප්‍රේෂණ මාර්ග නැවත සම්බන්ධ කිරීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කරමින් සිටින බවද සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එරට විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ "ඉරාකයේ සියලුම පළාත්වල විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති" බවයි.
Read More
ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව.!

ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව.!

By Reporter.lk on (LK time) මැදපෙරදිග උද්ගතවී ඇති යුදමය තත්ත්වය සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව සපයා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඒ අනුව විදෙස් තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල සහ ඔවුන්ගේ නිල නිවාස 85කට ආරක්ෂාව සපයා ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, "විදෙස් තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල වලට ආරක්ෂාව ලබාදීලා තියෙන්නේ. තානාපති, මහකොමසාරිස් කාර්යාල සහ ඔවුන්ගේ නිල නිවාස 85කට ආරක්ෂාව සලසාදීලා තියෙන්නේ."
Read More
ඉරාන යුද නෞකාව ගිල්වා දැමුවේ අමෙරිකාව.!

ඉරාන යුද නෞකාව ගිල්වා දැමුවේ අමෙරිකාව.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ඉරාන නාවික හමුදාවට අයත් "IRIS Dena" නෞකාවට ප්‍රහාරයක් එල්ල කර ගිල්වා දැමූවේ අමෙරිකා එක්සත් ජනපදය බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි. ඉරානය ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිත යැයි සිතූ ඉරාන යුද නැවක් අමෙරිකා එක්සත් ජනපදය ඉන්දියානු සාගරයේදී ගිල්වා දැමූ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි. අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කල ටෝපිඩෝ ප්‍රහාරයකින් එය ගිල්වා දැමූ බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි. එම ප්‍රහාරය නිහඬ මරණයක් බවත් ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුරු නැවක් ටෝපිඩෝවකින් ගිල්වා දැමූ පළමු අවස්ථාව බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් සඳහන් කරයි.
Read More
ප්‍රදේශ රැසක වායු දූෂණය ඉහළට.!

ප්‍රදේශ රැසක වායු දූෂණය ඉහළට.!

By Reporter.lk on (LK time) මෙරට ප්‍රදේශ රැසක වායු දූෂණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි. දකුණු ආසියාතික රටවල පවතින වායු දූෂණ තත්ත්වයත් සමග පවතින සුළං රටාව එම තත්ත්වයට හේතු වී ඇති බවද එම ආයතනය සඳහන් කරයි. මේ හේතුවෙන් සංවේදී පුද්ගලයින් සහ රෝගාබාධ සහිත පුද්ගලයින් අවදානයෙන් කටයුතු කරන ලෙසද එම ආයතනය ජනතාවට දැනුම් දෙයි.
Read More
අමෙරිකාව විසින් ඉරාන නෞකා රැසක් මුහුදුබත් කරයි.!

අමෙරිකාව විසින් ඉරාන නෞකා රැසක් මුහුදුබත් කරයි.!

By Reporter.lk on (LK time) අමෙරිකාව විසින් මේ දක්වා ඉරානයට අයත් නෞකා 20කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කිරීමට හෝ මුහුදුබත් කිරීමට සමත් වූ බව ප්‍රකාශ කර ඇත. ඊයේ එල්ල කරන ලද ප්‍රහාරයකින් පසුව, 'සුලෙයිමානි' (Soleimani-class) වර්ගයේ යුද නෞකාවක් විනාශ කළ බවත් එම විනාශ වූ නෞකා ලැයිස්තුවට එක් වූ බවද අමෙරිකාව සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීට අමෙරිකාව සමත් වුවද මේ සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.
Read More
UAE වෙත ඕනෑම ආකාරයකින් සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම්.!

UAE වෙත ඕනෑම ආකාරයකින් සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම්.!

By Reporter.lk on (LK time) එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇත. එහිදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය කනගාටුව ප්‍රකාශ කර ඇත. සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.  ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ස්ථිරව සිටින බවත් හැකි ඕනෑම ආකාරයකින් සහාය වීමට සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.  සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර…
Read More
කුරුණෑගල – දඹුල්ල අධිවේගය කඩිනමින් ඉදිවෙයි.!

කුරුණෑගල – දඹුල්ල අධිවේගය කඩිනමින් ඉදිවෙයි.!

By Reporter.lk on (LK time) මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පුර්ණ අපේක්ෂිත ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීම පිණිස මුළු දිග කිලෝමීටර 58.6ක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එම අදියරේ ඉදිකිරීම සඳහා හඳුනාගත් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කිරීම පිණිස 2025-06-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ භෞතික ප්‍රතිය 73.3%ක් වන අතර, ඉඩම් අත්පත් කර ගැනීම සඳහා තව දුරටත් වන්දි ගෙවීම සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, මධ්‍යම අධිවේගී…
Read More
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවතට.!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවතට.!

By Reporter.lk on (LK time) 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-2-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂාත්‍රයෙන් සකස් කරනු ලැබ ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට නීතිපතිගේ අවසරය  ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙතඉදිරිපත් කිරීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Read More
ශ්‍රී ලංකාවට හදිසි ප්‍රතිකාර පද්ධති කාර්යාලයක්.!

ශ්‍රී ලංකාවට හදිසි ප්‍රතිකාර පද්ධති කාර්යාලයක්.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. ශ්‍රී ලංකාව තුළ හදිසි අනතුරු හා කම්පන තත්ත්වයන්, මාර්ග අනතුරු සහ දරුණු හෘදයාබාධ හා ආඝාත තත්ත්වයන් හේතුවෙන් සිදු වන හදිසි රෝහල්ගත වීම් වර්ධනය වෙමින් පවතින බැවින්, එම තත්ත්වයන්ට හදිසි ප්‍රතිචාර දැක්වීම පිණිස පවත්නා සීමිත සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ හා ප්‍රමිතිගත ව්‍යූහයක් යටතේ ස්ථාපිතකිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවාවන්ගේ සම්බන්ධීකරණය, නියාමනය සහ ප්‍රවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ…
Read More
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකා වලට අමෙරිකාවෙන් ආරක්ෂාව.!

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකා වලට අමෙරිකාවෙන් ආරක්ෂාව.!

By Reporter.lk on (LK time) හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට අමෙරිකානු නාවික හමුදාව සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. සමුද්‍රීය වෙළෙඳාම සඳහා ගල්ෆ් හරහා ගමන් කරන බලශක්ති නැව් සඳහා දේශපාලන අවදානම් රක්ෂණයක් සහ මූල්‍ය ආරක්ෂක සහතික ලබාදෙන ලෙස එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාවට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. තවද ගෝලීය බලශක්ති සැපයුම්වල නිදහස් ප්‍රවාහනය වොෂින්ටනය සහතික කරනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.
Read More