Local news

නව වසරේ ආණ්ඩුව මුහුණ දෙන අභියෝග 12ක්.!

නව වසරේ ආණ්ඩුව මුහුණ දෙන අභියෝග 12ක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට නව වසරේදී මුහුණ දීමට සිදුවන අභියෝග කිහිපයක් පහතින්.. *විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කිරීම. *නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභියෝග. *එළඹෙන 2027 වසරේදී ණය ආපසු ගෙවීමේ අභියෝගයට ඉදිරියේදී මුහුණ දීම. *පළාත් පාලන ආයතන, සමූපකාර, පළාත් සභාවල බලය තහවුරු කර ගැනීමේ අභියෝගයට මුහුණ දීම. *2026 වසරේදී විපක්ෂයේ විරෝධතා වලට මුහුණ දීම. *ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ වෙඩි තැබීම් අවම කිරීම. *ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ දැවැන්ත අභියෝගය. *ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ගොඩනැගෙන ගැටුම්කාරී තත්ත්වයට මුහුණ දීම.…
Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල තහනම්.!

අද මධ්‍යම රාත්‍රියේ සිට සියල්ල තහනම්.!

අද (06) දින මධ්‍යම රාත්‍රියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙලෙස තහනම් වේ. කෙසේ වෙතත් යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවකු වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් ජනවාරි (12)…
Read More
නිමල් සිරිපාලට දණ ගහලා වැඳලා චාමර සම්පත් වැඩ භාරගනී.!

නිමල් සිරිපාලට දණ ගහලා වැඳලා චාමර සම්පත් වැඩ භාරගනී.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක (05) දින නිදහස් පක්ෂ මුලස්ථානයේදී වැඩ භාරගත්තේය. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව උප සභාපති විජයදාස රාජපක්ෂද නිදහස් පක්ෂ මුලස්ථානයේදී වැඩ භාරගත්තේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාට දණ ගහලා වැඳලා නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩ භාරගත්තේය.
Read More
ජොන්ස්ටන්ට සහ පුත්‍රයින් දෙදෙනාට නැගෙන චෝදනා මොනවාද.?

ජොන්ස්ටන්ට සහ පුත්‍රයින් දෙදෙනාට නැගෙන චෝදනා මොනවාද.?

අත්අඩංගුවට ගෙන වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා ජනවාරි මස (09) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට සහ පුත්‍රයින් දෙදෙනාට නැගෙන චෝදනා පහතින්.. *අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර එතනෝල් බලපත්‍රයක් ලබා ගැනීම. *පොදු දේපලක් වන ස.තො.ස ආයතනයේ ලොරියක් යොදාගෙන එතනෝල් තොගයක් ප්‍රවාහනය කිරීම. *නිෂ්පාදන විදේශ රටකට යවා මුදල් ලැබුනු බව අගවා මුදල් විශුද්ධිකරණය සිදුකිරීම. එතනෝල් ආනයනය කරන සමාගම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂනවලදී අනාවරණ වී ඇත්තේ පසුගිය 2012 වසරේදී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයාගේ අනුදැනුම මත ස.තො.ස ආයතනයට අයත් ලොරි රථයකින් අදාළ සමාගමට එතනෝල් ප්‍රවාහනය කර ඇති බවයි. මේ අතර හිටපු අමාත්‍ය…
Read More
අද රාත්‍රියේ සිට දිස්ත්‍රික්ක තුනකට පූර්ව අනතුරු ඇඟවීම්.!

අද රාත්‍රියේ සිට දිස්ත්‍රික්ක තුනකට පූර්ව අනතුරු ඇඟවීම්.!

අද රාත්‍රී 10.00 සිට හෙට (06) රාත්‍රී 10.00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුන සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ඒ අනුව පහත ස්ථානයන් වෙත විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මහනුවර දිස්ත්‍රික්කය - උඩුදුම්බර මාතලේ දිස්ත්‍රික්කය - විල්ගමුව නුවරඑලිය දිස්ත්‍රික්කය - වලපනේ
Read More
වෙනිසියුලානු ජනපතිගේ වටිනා වත්කම් අත්හිටුවයි.!

වෙනිසියුලානු ජනපතිගේ වටිනා වත්කම් අත්හිටුවයි.!

වසර හතරක් සඳහා අත්හිටුවීම වලංගු වන පරිදි වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇත. අමෙරිකානු හමුදාව විසින් ජනාධිපති නිකොලස් මධුරෝව අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත විසින් මෙම පියවර ගෙන ඇත. තවද නීති විරෝධී ලෙස අත්පත් කරගත් බවට සානාත වුවහොත් එම වත්කම් වෙනිසියුලා ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා ආපසු ලබා දීමට උත්සාහ කරන බව ස්විට්සර්ලන්තය සඳහන් කර ඇත. ඇමරිකානු හමුදා මෙහෙයුමකින් පසුව ජනාධිපති මධුරෝ අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට මුහුණ දීම සඳහා නිව්යෝර්ක් වෙත ගෙන ඒමෙන් පසු ස්‍විට්සර්ලන්තය මෙම තීරණය ගෙන ඇත.
Read More
නවීන් දිසානායකට එජාපයේ ලොකු පුටුවක්.!

නවීන් දිසානායකට එජාපයේ ලොකු පුටුවක්.!

එක්සත් ජාතික පක්ෂයේ 2026 වර්ෂය සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 8.1.1(c) වගන්තිය ප්‍රකාරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක එම පක්ෂයේ උප සභාපතිවරයා ලෙස පත් කර ඇත. ඒ අනුව, 2026 ජනවාරි (03) වන දින සිට නවීන් දිසානායක එම පක්ෂයේ උප සභාපති ලෙස නම් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත. තවද පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කිරීමට නියමිතය.
Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු කරයි.!

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු කරයි.!

පාරිභෝගිකයින්ට සහන සලසමින් ලංකා ස.තො.ස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් අඩු කර ඇත. සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 218යි. රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 206යි. බාස්මතී සහල් කිලෝවක මිල රුපියල් 625යි. සුදු සීනි කිලෝවක මිල රුපියල් 205යි. ආනයනික ඉන්දියානු ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 225යි. මුං ඇට කිලෝවක මිල රුපියල් 625යි. රට කජු කිලෝවක මිල රුපියල් 1,117යි. රතු කව්පි කිලෝවක මිල රුපියල් 875යි. හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 830යි. සුදු කව්පි කිලෝවක මිල රුපියල් 890යි. OCEAN STAR ටින් මාළු 425g එකක මිල රුපියල් 425යි. රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 258යි. කඩල කිලෝවක මිල රුපියල් 385යි. සුදු ලූණු කිලෝවක…
Read More
රටේ අත්‍යවශ්‍යතා වලට ප්‍රමුඛතාව.. ජනපතිගෙන් උපදෙස්.!

රටේ අත්‍යවශ්‍යතා වලට ප්‍රමුඛතාව.. ජනපතිගෙන් උපදෙස්.!

පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ප්‍රාග්ධන වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්‍රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම හේතුවෙන් මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ඇතැම් අවස්ථාවල අයවැය සකස් කිරීමේදී ‘වියදම් නොවී ඉතිරි වන මුදල්’ පුරෝකථනය කරන තත්ත්වයක් රටේ තිබූ බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අද කිසිදු ප්‍රමාදයකින් තොරව අවශ්‍ය…
Read More