Local news

පාස්කු විමර්ශනයේ තුන්වැනි සැකකරු සුරේෂ් සලේ.!

පාස්කු විමර්ශනයේ තුන්වැනි සැකකරු සුරේෂ් සලේ.!

By Reporter.lk on (LK time) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ, පාස්කු ඉරු දින ප්‍රහාරයන්ට අදාළ විමර්ශනයේ තුන් වැනි සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරු සිද්ධියට අදාළව 2026ක් වූ පෙබරවාරි මස (25) වන දින අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බවත් මේ වනවිට සැකකරු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වීම සඳහා මෝසමක් ගොනු කරමින් නඩුව අද කැඳවිය. සැකකරුවෙක් ලෙස නම් කිරීමට සාක්ෂි තිබේදැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර එහිදී විමසා…
Read More
ඉරානයේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයට දැවැන්ත ප්‍රහාරයක්.!

ඉරානයේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයට දැවැන්ත ප්‍රහාරයක්.!

By Reporter.lk on (LK time) ඉරානයට එල්ල වූ ප්‍රහාර මාලාවක් හමුවේ එරට සුප්‍රසිද්ධ 'Azadi' ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය මුළුමනින්ම විනාශ වී ඇති බව ඉරාන රාජ්‍ය විකාශන සේවය වාර්තා කරයි. ජාත්‍යන්තර පාපන්දු තරග සහ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙම ක්‍රීඩාංගණය භාවිතා කළ අතර එල්ල වූ ප්‍රහාරයත් සමඟ එහි විශාල ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Read More
සුරේෂ් සලේ වෙනුවෙන් පෙත්සමක්.!

සුරේෂ් සලේ වෙනුවෙන් පෙත්සමක්.!

By Reporter.lk on (LK time) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. මහජන සුබසාධන නඩුකරයක් සේ සලකා තමන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
Read More
අසර්බයිජාන ගුවන්තොටුපොළකට ඉරානයෙන් ප්‍රහාරයක්.!

අසර්බයිජාන ගුවන්තොටුපොළකට ඉරානයෙන් ප්‍රහාරයක්.!

By Reporter.lk on (LK time) අද (05) දින අසර්බයිජානයෙන් පාලනය වන නක්චිවන් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නක්චිවන් පාලන ප්‍රදේශයේ ගුවන්තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ලට එක් ඩ්‍රෝන යානයක් පහර දුන් බවත් අනෙක් ප්‍රහාරය ෂකරබාද් ගම්මානයේ පාසල් ගොඩනැගිල්ල අසලට කඩා වැටී ඇති බවද අසර්බයිජාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. නක්චිවන් ප්‍රදේශය ඉරානය සහ තුර්කියේ දේශසීමාවට මායිම්ව පිහිටා ඇති අතර එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් ගුවන්තොටුපොළට හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More
ජනවාරි අල්ලස් දැලට දේශපාලඥයන් 3ක් සහ නිලධාරීන් 7ක් හසුවෙයි.!

ජනවාරි අල්ලස් දැලට දේශපාලඥයන් 3ක් සහ නිලධාරීන් 7ක් හසුවෙයි.!

By Reporter.lk on (LK time) 2026 වසරේ පළමු මාසයේදි පමණක් අල්ලස් ලබා ගැනිම් සම්බන්ධ පැමිණිලි 630ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කරයි. ජනවාරි මාසයේදී පමණක් අල්ලස් වැරදි සම්බන්ධයෙන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් තුන්දෙනෙකු දේශපාලන නියෝජිතයින් බවද එම කොමිසම සඳහන් කරයි. තවද අල්ලස් හෝ දුෂණ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් 7 දෙනෙකුට ජනවාරි මාසයේදි නඩු පැවරිම් සිදුකර ඇති අතර නඩු පැවරිම් තුළින් එම මාසයේදී ලබා ගෙන ඇති රාජ්‍ය ආදායම හාර ලක්ෂ 37 420කි.
Read More
රොහාන් ඕලුගල අද සිට වැඩ අරඹයි.!

රොහාන් ඕලුගල අද සිට වැඩ අරඹයි.!

By Reporter.lk on (LK time) පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කෙරුණු සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල අද (05) දින සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. දැනට දරණ තණතුරට අමතරව විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුලු දිවයිනම ආවර්ණය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්තඩංගුවට ගැනීම හා සංවිධානාත්මක අපරාධ වැලක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇත. ප්‍රධාන අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දේශීය සහ අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රැසක් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල විසින් මෙහෙයවා ඇත.
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න ජනපති පෙරමුණ ගනී.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න ජනපති පෙරමුණ ගනී.!

By Reporter.lk on (LK time) ඉදිරියේදී හැකි ඉක්මනින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරීයෙකුට භාර දීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමග සාකච්ඡා කරමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි. ජනාධිපතිවරයා මෙම සාකච්ඡා සඳහා සෘජුව මැදිහත් වී ඇති බවත් ඒ අනුව ඉදිරි සතියකදී සුදුසු ක්‍රමවේදය ඒ සම්බන්ධව ගන්නා බවද ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් සහ උවමනාවකින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීම සහ ජයග්‍රහණ ලබාගැනීම අපගේ උත්සාහය බවද ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.
Read More
ඉරාන නෞකාවේ තිබී සොයාගත් සිරුරු ගණන ඉහළ⁣ට.!

ඉරාන නෞකාවේ තිබී සොයාගත් සිරුරු ගණන ඉහළ⁣ට.!

By Reporter.lk on (LK time) ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවේ තිබී සොයාගත් සිරුරු සංඛ්‍යාව 84ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔවුන්ගේ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කරයි. අදාල ඉරාන යුද නෞකාව ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ඊයේ (04) අනතුරට පත්වු අතර ජාත්‍යන්තර නාවුක ගමනා ගමන සම්මුති අනුව නෞකාව ඒ වනවිට පැවති මුහුදු ප්‍රදේශයේ අනතුරකදී මුදා ගැනීමේ සහ සෝදිසි සිදුකිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකාවටය. නෞකාවේ පුද්ගලයින් 180 දෙනෙකු සිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළ අතර අයිරිස් ඩේනා නම් අදාළ නෞකාවේ සිටි 32 දෙදෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා…
Read More
ඉරාකයේ සියලුම පළාත්වල විදුලිය බිඳවැටෙයි.!

ඉරාකයේ සියලුම පළාත්වල විදුලිය බිඳවැටෙයි.!

By Reporter.lk on (LK time) ඉරාකයේ සියලුම පළාත්වල ජාතික විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවත් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාක බලධාරීන් දැනට බිඳවැටීමට හේතු විමර්ශනය කරමින් සිටින අතර බලාගාර නැවත ආරම්භ කිරීමට සහ විසන්ධි වූ සම්ප්‍රේෂණ මාර්ග නැවත සම්බන්ධ කිරීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කරමින් සිටින බවද සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එරට විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ "ඉරාකයේ සියලුම පළාත්වල විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති" බවයි.
Read More
ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව.!

ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව.!

By Reporter.lk on (LK time) මැදපෙරදිග උද්ගතවී ඇති යුදමය තත්ත්වය සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව සපයා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. ඒ අනුව විදෙස් තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල සහ ඔවුන්ගේ නිල නිවාස 85කට ආරක්ෂාව සපයා ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, "විදෙස් තානාපති කාර්යාල, මහකොමසාරිස් කාර්යාල වලට ආරක්ෂාව ලබාදීලා තියෙන්නේ. තානාපති, මහකොමසාරිස් කාර්යාල සහ ඔවුන්ගේ නිල නිවාස 85කට ආරක්ෂාව සලසාදීලා තියෙන්නේ."
Read More