Local news

ජනතාවට ලක්ෂ 50ක මුදල ලබාදෙන්නේ මෙහෙමයි.!

ජනතාවට ලක්ෂ 50ක මුදල ලබාදෙන්නේ මෙහෙමයි.!

නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 50ක් ලබාදෙන බවත් එය වාරික 03කින් ලබාදීම සිදු කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කරයි. මුල් වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක් සහ දෙවන වාරිකය ලෙස රුපියල් ලක්ෂ 15ක් සහ තවත් ලක්ෂ 15ක් වශයෙන් මෙම මුදල් ලබාදීම සිදුවෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කරයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කළේ, "නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම සිදු වෙනවා. එය වාරික 03කින් ලබා දීම සිදු කෙරෙන අතර අද ලබා දෙන්නේ එහි මුල් වාරිකයයි. මුල් වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20ක් සහ දෙවන වාරිකය ලෙස රුපියල් ලක්ෂ 15ක් සහ තවත්…
Read More
දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන.!

දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන.!

පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත. තවද නායයෑමේ නිවේදන අදියර 2 යටතේ මාතලේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවිමේ නිවේදන නිකුත් කර ඇත.
Read More
මට කලින් කතා කරපු ඝාතකයාගේ වෙඩි සුවඳ මට දැනුනා.!

මට කලින් කතා කරපු ඝාතකයාගේ වෙඩි සුවඳ මට දැනුනා.!

මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, පාස්කු ප්‍රහාරය සහ සිරස මාධ්‍යයට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. අමාත්‍ය බිමල් රත්නායක අද (09) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, "අපි දන්නවා දැන් මාධ්‍යවේදින් ඝාතනය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය තියනවා. පරීක්ෂණ යනවා. අවුරුදු 17කට කලින් වෙච්ච. සිරසට ගහපු එක තියනවා. පරීක්ෂණ යනවා. අවුරුදු 17ක් පරණයි. පාස්කු ප්‍රහාරය තියනවා. අවුරුදු 7ක් පරණයි. තාජුඩීන් ඝාතනය තියනවා අවුරුදු 10ක් 15ක් පරණයි. මට දැන් අර විනාඩි 10කට කලින් මට ඒ වෙඩි සුවද දැනුනා. ඒ ගඳ දැනුනා මීට කලින් කරපු කතාව එක්ක. ඝාතකයාගේ ඒ වෙඩි සුවද මට දැනුනා.…
Read More
චන්ඩි ජොන්ස්ටන් සහ පුත්‍රයින්ට දෙදෙනාට අධිකරණයෙන් දුන් නියෝගය.!

චන්ඩි ජොන්ස්ටන් සහ පුත්‍රයින්ට දෙදෙනාට අධිකරණයෙන් දුන් නියෝගය.!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා අද (09) දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා එළඹෙන ජනවාරි (23) වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත ගොනු කෙරෙනු නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර ඇත.
Read More
ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට පැවතියාට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙනවා.!

ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට පැවතියාට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙනවා.!

මෙම 2026 වසර ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කෙරෙන වසර බවට පත්වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ව්‍යසනයෙන් පසු ආසන්න වශයෙන් නව නිවාස 20,000- 25,000ක් අතර ප්‍රමාණයක් ඉදි කර දීමට සිදු වන බවත්, නිවාස සංවර්ධන අධිකාරිය යටතේ මීට පෙර සැලසුම් කර තිබු නිවාස 31,000 සමඟ නව නිවාස 50,000- 55,000ක් අතර ප්‍රමාණයක් මේ වසරේදී ඉදිවනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ 'Rebuilding Sri Lanka' යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (09) පෙරවරුවේ ගල්නෑව ප්‍රාදේශීය…
Read More
ගැඹුරු පීඩන අවපාතය ලංකාවට ළංවෙයි.!

ගැඹුරු පීඩන අවපාතය ලංකාවට ළංවෙයි.!

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර හෙට (10) දින සවස් කාලයේදී යාපනය සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඉදිරි දින තුන සඳහා උතුර, උතුරු මැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, ඌව, වයඹ, මධ්‍යම යන පළාත්වලට පැයට කිලෝමීටර් 50-60ත් වන තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 70දක්වා වන ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More
අධ්‍යාපන මොඩියුලර් ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්.!

අධ්‍යාපන මොඩියුලර් ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්.!

අධ්‍යාපන මොඩියුලර් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (09) දිින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළාය. දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර් පිළියෙළ කිරීමේදී මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. දැනට මෙම මොඩියුලර් සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍ර සඳහා මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන ඒවා වන අතර රාජ්‍ය වෙබ් අඩවි භාවිත කිරීමේදී විනිවිදභාවය වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
Read More
ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව රට පුරාම විරෝධතා.!

ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව රට පුරාම විරෝධතා.!

මේ වනවිට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා රට පුරාම විරෝධතා ආරම්භ කර ඇත. අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ජනතාව දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට රැගෙන ඒමේ අරමුණින් මෙම විරෝධතාවේ නියැලෙන බව වාර්තා වේ. මෙලෙස ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ වසර ගණනාවකට පසුවයි.
Read More
පාසල් රැසකට නිවාඩු ලබාදෙයි.!

පාසල් රැසකට නිවාඩු ලබාදෙයි.!

අද (09) දින පාසල් කිහිපයකට නිවාඩු ලබාදීමට තීරණය කර ඇත. ඒ අනුව අද දින පෙ.ව. 11.00 වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගෙන ඇත.
Read More
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මූල්‍යමය පරිත්‍යාගයක්.!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් මූල්‍යමය පරිත්‍යාගයක්.!

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ගේ දිනක වැටුප වන රුපියල් 672,960ක මුදලක් පරිත්‍යාග කර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහතා විසින් ඊට අදාළ චෙක්පත (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිළිගන්වනු ලැබීය.
Read More