Local news

කෝටි 90ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක්ට අත්අඩංගුවට.!

කෝටි 90ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක්ට අත්අඩංගුවට.!

නිට්ටඹුව, පින්නගොල්ල වත්ත අරලිය පටුගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61.838ක් අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිට්ටඹුව,පින්නගොල්ල වත්ත අරලිය පටුමග ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත. ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ කුඩු සිද්ධික් යන අයගේ අනුගාමිකයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි 90කට අධික බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
Read More
යුරෝපා සංගමයෙන් පොරොන්දුවක්.!

යුරෝපා සංගමයෙන් පොරොන්දුවක්.!

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අතරතුරදී ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී ඇත. පැවති ද්විපාර්ශ්වික හමුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට සහ දිගුකාලීන සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා සහාය ලබාදීමට කැමති බව යුරෝපා සංගමය යළිත් තහවුරු කර ඇත. ආර්ථික ප්‍රතිසාධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කර ඇත.
Read More
සහකාර රස පරීක්ෂකවරුන් 26ක් බඳවා ගැනීමට පියවර.!

සහකාර රස පරීක්ෂකවරුන් 26ක් බඳවා ගැනීමට පියවර.!

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන ඇත. ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 30ක් පමණ පවතින බවත් ඒ හේතුවෙන්, රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට අදාල කටයුතු වලට ගැටලු මතුව ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මීට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා, නව බඳවා ගැනීමේ පෙබරවාරි මුල් සතිය තුළ සිදුකර අවසන් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More
පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්.!

පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්.!

'දිට්වා' සුළි කුණාටුවත් සමග අ.පො.ස උසස් පෙළ විභාගයේ කල්දැමුණු විෂයන්වලට අදාළ විභාග හේතුවෙන් ජනවාරි (10) වනදා සිට පාසල් සඳහා යළි නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේය. ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (21) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව හෙටින් ආරම්භ වන 2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස (13) වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස (14) වනදා සිට මාර්තු මස (02) වනදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබාදීම සිදුවෙයි.
Read More
යාපනය චෙම්මනි සමූහ මිනී වළේ කැණීම් ගැන අලුත් නියෝගයක්.!

යාපනය චෙම්මනි සමූහ මිනී වළේ කැණීම් ගැන අලුත් නියෝගයක්.!

යාපනය චෙම්මනි සමූහ මිනී වළ කැණීම් ස්ථානයේ කැණීම් කටයුතු 2026 වසරේ පෙබරවාරි (09) වනදා දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් සහ කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා තීරණය කර ඇත. චෙම්මනි සමූහ මිනී වළ කැණීම් ස්ථානය පරීක්ෂා කිරීම ඊයේ (19) දින යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් සහ කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් ඇතුළු පිරිසක් විසින් සිදු කළේය. එහෙත් එම ස්ථානය ජලයෙන් පිරී තිබීම හේතුවෙන් එහි කැණීම් කටයුතු පෙබරවාරි (09) වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා ඇතුළු කණ්ඩායම එහිදී තීරණය කළ අතර එදින මෙම ස්ථානය නැවත පරීක්ෂා කර ඉදිරි සැලසුම සකස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තවද…
Read More
යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා.!

යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා.!

රුපියල් කෝටි 86ත් 90ත් අතර මුදලක් විදේශ රැකියා ආයතන විසින් වංචා කර ඇති බැවින් නැවත වරක් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. විදේශ රැකියා ආයතන දෙකක් හේතුවෙන් 640කට වැඩි පිරිසක් අගතියට පත් වී ඇති බවත් එම පිරිසට අවශ්‍ය නීති සහාය මුදල් අය කිරීමකින් තොරව ලබාදෙන බවත් ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි. යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනෑම අවස්ථාවක තමා පෙනී සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරයි. නුගේගොඩ, ගංගොඩවිල උසාවිය අසලදී අගතියට පත් පාර්ශ්වයන් විසින් පැවැත්වු සාමකාමී විරෝධතාවක් හා…
Read More
මාතලේ හංදියෙන් බෝම්බ 3ක්.!

මාතලේ හංදියෙන් බෝම්බ 3ක්.!

අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේදී හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් සිය භාරයට ගෙන තිබේ. එහිදී අදාළ හිටපු කමාන්ඩෝ සෙබළාද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අති බව සඳහන්. එම බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් වෙත භාරදී ඇති බව්ද සඳහන්.
Read More
ඉබ්බාගමුවෙන් කෝටි 28ක් මතුවෙයි.. සැකකරුවෙක් අත්අඩංගුවට.!

ඉබ්බාගමුවෙන් කෝටි 28ක් මතුවෙයි.. සැකකරුවෙක් අත්අඩංගුවට.!

රුපියල් කෝටි 28කට අධික මුදලක් හා වාහන දෙකක් සමඟ අවුරුදු 40ක් වන ඉබ්බාගමුව ප්‍රදේශයේ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (19) දින නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැකකරන රුපියල් විසි අට කෝටි තිස්තුන් ලක්ෂයක (රුපියල් 283,300,000.00) මුදලක් හා වාහන දෙකක් සමඟ සැකකරුවෙකු මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන ඇත. විදෙස්ගතව සැඟව සිටින බවට සැක කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ මෙම සැකකරු දුරකථන මඟින් සම්බන්ධතා පවත්වමින්, එම ජාවාරම්කරුගේ උපදෙස් අනුව මොහු විසින් මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉහත මුදල් එකතු කර ඇති බවට හා අදාල වාහන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිළදී ගෙන…
Read More
මහින්දානන්ද සහ නලින් සිර දඬුවමට එරෙහි වෙයි.. අභියාචනා විභාගයට සූදානම්.!

මහින්දානන්ද සහ නලින් සිර දඬුවමට එරෙහි වෙයි.. අභියාචනා විභාගයට සූදානම්.!

රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම විය. ඒ අනුව සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස (09) වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කර ඇත. මෙම පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලිගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ අභියාචනා පෙත්සම් විභාගය සඳහා…
Read More
පොලීසියෙන් විශේෂ දුරකථන අංක 47ක්.!

පොලීසියෙන් විශේෂ දුරකථන අංක 47ක්.!

ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු ලබාදීමට හැකියාව ලැබෙන පරිදි පොලීසිය විසින් දුරකථන අංක හඳුන්වා දී ඇත. ඒ අනුව 2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් මෙම දුරකථන අංක හඳුන්වා දී ඇත.
Read More