Local news

බංග්ලාදේශයේ සිහිනය බොදවෙයි.. තරගාවලියෙන් ඉවතට.!

බංග්ලාදේශයේ සිහිනය බොදවෙයි.. තරගාවලියෙන් ඉවතට.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉන්දියාවට යාම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇත. ආරක්ෂක හේතූන් මත බංග්ලාදේශය ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශය එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවත් කර ඇත. ස්වාධීන ආරක්ෂක ආයතනයකින් ධනාත්මක ආරක්ෂක තක්සේරු වාර්තාවක් සහ රැස්වීම් වලදී සහතික කිරීම් කිහිපයක් තිබියදීත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට නොයන බවට ඔවුන්ගේ ස්ථාවරය පිළිබඳව නොසැලී සිටියේය. අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශය වෙනුවට T20 ශ්‍රේණිගත කිරීම්වල ඊළඟ හොඳම කණ්ඩායම වන ස්කොට්ලන්තය ආදේශ කර ඇත.
Read More
විගණකාධිපති අවුලෙන් වාර්තා 130ක් හිරවෙයි.!

විගණකාධිපති අවුලෙන් වාර්තා 130ක් හිරවෙයි.!

රාජ්‍ය ආයතන වලට අදාල විගණන වාර්තා 60ක් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු විගණන වාර්තා 70ක් පමණ ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ. තව විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති අතර පසුගිය 2025 වසරට අදාල ප්‍රධාන විගණන වාර්තාව පිළියෙල කිරීම ආරම්භ කිරීම ප්‍රමාද වීමේ අවදානමක් මතුව ඇති බවද වාර්තා වේ. විගණන වාර්තා ඉදිරිපත් වීම නැවතීම හේතුවෙන් විමර්ශන කරන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව 'කෝප් කමිටුව' සහ රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව 'කෝපා කමිටුව' කටයුතු මුළුමනින්ම නැවතී ඇත.
Read More
බන්ධනාගාරයේ සිටින කස්සප හිමි රෝහලට.!

බන්ධනාගාරයේ සිටින කස්සප හිමි රෝහලට.!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රුධිර පරීක්ෂාවක් සිදු කිරීම සඳහා මෙලෙස උන්වහන්සේ රෝහල්ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක සදහන් කරයි. ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇතිවූ ගැටළුකාරී සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු එළඹෙන (28) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
Read More
බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.!

බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.!

හපුතලේ සිට කිරවනාගම දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හා කිරවනාගම සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත. හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේදී (23) මෙම බිහිසුණු අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් බස් රථවල ගමන්ගත් මගීන් 6 දෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.
Read More
අර්ධ රාජ්‍ය අංශයට සහ පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්.!

අර්ධ රාජ්‍ය අංශයට සහ පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්.!

අර්ධ රාජ්‍ය අංශයට සහ පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන් රජය අවධානය යොමුකර ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කරයි. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ, "මම හරි පැහැදිලිව කිව්වා EPF සහ ETF අරමුදල් දෙකේ වෙනස. අපි EPF එක විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා මම කිව්වේ නැහැ. මම කියපු එක වැරදි විදියට ගියා. මේ EPF එක තියෙන්නේ සමාජ ආරක්ෂණය වෙනුවෙන්. අපි අවධානය යොමු කරලා තිබෙනවා පෞද්ගලික අංශයට, අර්ධ රාජ්‍ය අංශයට විශ්‍රාම වැටුපක් ලබාදීම වෙනුවෙන්. එහෙම නැතුව EPF අරමුදල විශ්‍රාම වැටුපකට පරිවර්තනය කරනවා කියලා කිව්වේ නැහැ." පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මේ බව සඳහන් කරයි.
Read More
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ලොතරැයිය නැවතත් NLB සමඟ ගිවිසුම් දීර්ඝ කරයි.!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ලොතරැයිය නැවතත් NLB සමඟ ගිවිසුම් දීර්ඝ කරයි.!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ලොතරැයි වේදිකාව පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් ජාතික ලොතරැයි මණ්ඩලය Lucky1.lk සමඟ සිය ඩිජිටල් වෙළඳ නියෝජිත ගිවිසුම නැවත දීර්ඝ කරයි ශ්‍රී ලංකාවේ අංක 01 ඩිජිටල් ලොතරැයි වේදිකාව ශ්‍රී ලාංකිකයන්ගේ ජය මාවත විප්ලවීය ලෙස වෙනස් කරමින් සම්ප්‍රදායෙන් ඩිජිටල් අවකාශය වෙත ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) තම අනුමත ඩිජිටල් වෙළඳ නියෝජිතයා ලෙස අඛණ්ඩව හයවැනි වසරටත් Lucky1.lk වෙබ් අඩවිය සමඟ නැවතත් අත්වැල් බැඳගනී. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ලොතරැයි වේදිකාව ලෙස Lucky1.lk පිළිබඳ විශ්වාසය, ආරක්ෂිත බව, පැහැදිලි හා දියුණු තාක්ෂණික සේවාව කෙරෙහි ජාතික ලොතරැයි මණ්ඩලයේ විශ්වාසය නැවත තහවුරු කරමින්. 2019 වසරේ ආරම්භ කරන ලද DigitalX (පුද්ගලික) සමාගම විසින් බලගන්වනු ලබන…
Read More
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කරයි.!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කරයි.!

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ එකඟතාව ලැබී ඇත. ඒ අනුව මහචාර්ය වසන්තා සෙනෙවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න ඒ සඳහා නම් කර ඇත. 
Read More
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්.!

ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්.!

ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
Read More
අනූෂ පැල්පිට අත්අඩංගුවට.!

අනූෂ පැල්පිට අත්අඩංගුවට.!

හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටක මුදලක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අනූෂ පැල්පිට අත්අඩංගුවට ගෙන ඇත. අනූෂ පැල්පිට අද (23) අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති අතර මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
Read More
ජොන්ස්ටන්ට අධිකරණයෙන් දුන් නියෝගය.!

ජොන්ස්ටන්ට අධිකරණයෙන් දුන් නියෝගය.!

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අද (23) යළිත් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. අනතුරුව සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී එම සැකකරුවන් එළැඹෙන (30) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත පසුගිය (05) වැනිදා මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළේය.
Read More