Local news

මෙරට පළමු E-Gate පද්ධතිය විවෘත කෙරේ.!

මෙරට පළමු E-Gate පද්ධතිය විවෘත කෙරේ.!

ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව, සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (I.O.M.) විසින් කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control/E - Gate System) අද (28) පස්වරුවේ විවෘත කළේය. මෙම ව්‍යාපෘතිය මෙරට පළමු ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය වන අතර අමෙරිකානු ඩොලර් මිලියන 8.4ක වටිනාකමකින් ඉදිකළ මෙම ගේට්ටු පහසුකම යටතේ බෝවන රෝග හඳුනා ගැනීම වැනි පහසුකම් ගණනාවක්ද ඇතුළත් වේ. කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට තත්පර 40ක් වැනි කෙටි කාලයක් තුළ සිය නිශ්කාශන කටයුතු නිමකර ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමට නව පද්ධතිය හරහා අවස්ථාව උදාවනු ඇත. මෙම පහසුකම යටතේ ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ හැකියාව පවති අතර දැනට…
Read More
පුද්ගලයකුට පහරදුන් සජබ මන්ත්‍රී අත්අඩංගුවට.!

පුද්ගලයකුට පහරදුන් සජබ මන්ත්‍රී අත්අඩංගුවට.!

කළුතර නගර මධ්‍යයේ අද (28) සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයකු සාමකාමී විරෝධයට බාධා කළ බව පවසමින් සමගි ජන බලවේග කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න එම තරුණයාට පහරදී ඇත. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
Read More
අධිකරණයෙන් මතුවු රනිල්ගේ ලේකම් බන්ධනාගාරයට.!

අධිකරණයෙන් මතුවු රනිල්ගේ ලේකම් බන්ධනාගාරයට.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණය හමුවේ පෙනී සිටීයේය. අනතුරුව රනිල් වික්‍රමසිංහට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස (11) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.
Read More
ලුතිනන් කොයාන් චාමිත හදිසියේම ජීවිතක්ෂයට.!

ලුතිනන් කොයාන් චාමිත හදිසියේම ජීවිතක්ෂයට.!

අමෙරිකාවේ නාවික සීල් පුහුණුව සම්පූර්ණ කළ මෙරට පළමු නාවික හමුදා සාමාජික ලුතිනන් කොයාන් චාමිත වැලිසර යුධ හමුදා කඳවුරේ නේවාසිකාගාරයේදී හදිසියේ මියගොස් ඇත. 28 හැවිරිදි ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ මරණයට නිශ්චිත හේතුව හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව නාවික හමුදාව සඳහන් කරයි. මේ අතර එම මරණය සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තාවක් ලබා දෙන්නැයි ආරක්ෂක ආමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා නාවික හමුදාපතිවරයාට උපදෙස් ලබාදී ඇත.
Read More
අතුරුදන්ව සිටි රනිල්ගේ ලේකම් අධිකරණයෙන් මතුවෙයි.!

අතුරුදන්ව සිටි රනිල්ගේ ලේකම් අධිකරණයෙන් මතුවෙයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අවස්ථාවේ සිය නිවසින් අතුරුදන්ව සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටී. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුවේ සැකකරුවකු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක නම් කර ඇත. හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් දියත් කළද, ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇත.
Read More
ගෝඨාභය ඇතුළු පිරිසට වැඩ වරදී.!

ගෝඨාභය ඇතුළු පිරිසට වැඩ වරදී.!

2022 වසරේ මැයි (09) වනදා අරගලයට පහරදීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට මෙම නඩුකරය සම්බන්ධ නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දී ඇත. අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති…
Read More
මහ බැංකුවෙන් දැනුම්දීමක්.!

මහ බැංකුවෙන් දැනුම්දීමක්.!

මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
Read More
රටම බලාසිටින දිනය අදයි.. රනිල් අධිකරණයට.!

රටම බලාසිටින දිනය අදයි.. රනිල් අධිකරණයට.!

මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් යොදාගෙන පුද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාවට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (28) දින යළි කැඳවීමට නියමිතව ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි මෙම නඩුවේ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට එංගලන්තයේදී ප්‍රකාශ කිහිපයක් ලබාගෙන ඇත. නිල සංචාරයක් බව පවසමින් එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කළැයි එල්ල කෙරුණු චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ අගෝස්තු (22) වනදා අත්අඩංගුවට ගත්තේය. අනතුරුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර, ඉදිරිපත් වූ කරුණු මත පසුගිය වසරේ අගෝස්තු…
Read More
මධ්‍යම කඳුකරය ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට නව අධිකාරියක්.!

මධ්‍යම කඳුකරය ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට නව අධිකාරියක්.!

මධ්‍ය කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පනතක් ඇති කිරීමටත් ඒ යටතේ අධිකාරියක් පිහිටුවීමටත් තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, "ආසියානු සංවර්ධන බැංකුව මෑතකදී අපිට සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාව අනුව මධ්‍යම කඳුකරය අතීතයේ පැවති ආකාරයත්, වර්තමානයේ තිබෙන ආකාරයත් මේ අන්දමට ඉදිරියට පැවතියහොත් අනාගතයේ ඇතිවන තත්ත්වය පිළිබදවත් අපිට වාර්තා කර තිබෙනවා. අනාගතයේද පස් සෝදා ගොස් ගල් විතරක් මතුවන තත්ත්වයක් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මේ මධ්‍යම කඳුකරයේ බොහෝ ජලාශ රොන් මඩවලින් පිරෙන තත්ත්වයක් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා මධ්‍ය කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පනතක් ඇති කිරීමටත් ඒ යටතේ අධිකාරියක්…
Read More
මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරත පිරිස් භාරවෙන්න කැමැත්ත පළ කරලා.!

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරත පිරිස් භාරවෙන්න කැමැත්ත පළ කරලා.!

ආණ්ඩුව විසින් සිදුකරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය නිසි අයුරින් සිදුකරගෙන යන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කරයි. මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරතව සිටින ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කර ඇති බවත් මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය නිසි අයුරින් සිදුකරගෙන යාමත් සමග අදාළ පිරිස් මෙලෙස භාරවීමට කැමැත්ත පළ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කරයි. විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීමේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මේ බව සඳහන් කරයි.
Read More