Foreign news

අසල්වැසි ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්.!

අද (05) දින ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට ප්‍රබල භූකම්පනයක් සිදුව ඇත. මෙම භූකම්පනය අද අලුයම 4:17ට පමණ සිදුව ඇති අතර එහි කේන්ද්‍රය (Epicentre) ඇසෑම්හි මොරීගාඕන් (Morigaon) දිස්ත්‍රික්කය අසල වාර්තා වී ඇත. මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 5.1ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බව ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) වාර්තා කරයි. කෙසේ වෙතත් මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත.
Read More

අමෙරිකානු මෙහෙයුමේදී කියුබානු ජාතිකයින් 32ක් ජීවිතක්ෂයට.!

අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ අල්ලා ගැනීමේ මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32ක් ජීවිතක්ෂයට පත්වූ බව කියුබානු රජය සඳහන් කරයි. මෙම මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32ක් ජීවිතක්ෂයට පත්වීමට ශෝකය පළ කරමින් කියුබාව තුළ අද (05) සහ හෙට (06) දින ජාතික ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත. මෙම ක්‍රියාව ආක්‍රමණශීලි සහ රාජ්‍ය ත්‍රස්තවාදයේ අපරාධකාරී ක්‍රියාවක් ලෙස තමන් දකින බව කියුබානු රජය චෝදනා කරයි.
Read More

අමෙරිකාවේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකියි.. අනතුරු අඟවයි.?

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගැනීමට හේතු වූ හමුදා මෙහෙයුමක් අමෙරිකාව විසින් සිදු කිරීමෙන් දිනකට පසු, එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කියුබාවට අනතුරු ඇඟවීමක් කර ඇත. අමෙරිකානු ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අනතුරු ඇඟවීමක් කර ඇත. රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කළේ, “මේ සම්බන්ධයෙන් අපගේ අනාගත පියවර මොනවාද සහ අපගේ ප්‍රතිපත්ති මොනවාද යන්න ගැන මම ඔබ සමඟ කතා නොකරමි. නමුත් අපි කියුබානු පාලන තන්ත්‍රයේ විශාල රසිකයන් නොවන බව අභිරහසක් යැයි මම නොසිතමි, ඔවුන් මදුරෝට සහාය දුන් අයයි.”
Read More

වෙනිසියුලා ගැටුම උඩු දුවයි.. චීනයෙන් සැර ප්‍රකාශයක්.!

අමෙරිකාව විසින් වෙනිසියුලාවට එල්ල කළ දැවැන්ත මිලිටරි ප්‍රහාරය 'ජාත්‍යන්තර නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක්' බව චීනය සඳහන් කරයි. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ වහාම නිදහස් කරන ලෙසත් වෙනිසියුලාවේ රජය පෙරළා දැමීම නවත්වන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිඳ රැගෙන ගොස් රටින් පිටුවහල් කළ බව අමෙරිකාව තහවුරු කිරීමෙන් පසු චීනය නිකුත් කළ දෙවන ප්‍රකාශය මෙය ලෙස සැලකෙයි. වෙනිසියුලාවේ විශාලතම තෙල් ගැනුම්කරුවා වන්නේ චීනය.
Read More

වෙනිසියුලා ජනපති රැඳවුම් මධ්‍යස්ථානයට.!

අමෙරිකානු ආරක්ෂක අංශ සිය භාරයට ගත් වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මේ වනවිට බෘක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙනවිත් ඇත. අලුයම ඔහු එක්සත් ජනපදයේ හමුදා කඳවුරකට රැගෙන ඒමෙන් පසුව බලධාරීන් ඔහුව නිව්යෝර්ක්හි එක්සත් ජනපද මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන කාර්යාලයට ගෙන ගියේය. නිකොලස් මදුරෝට මත්ද්‍රව්‍ය සහ ආයුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර පසුව බෘක්ලින්හි රැඳවුම් ස්ථානයකට මාරු කරන ලදී.  මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු ඉදිරියේ නඩු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read More

වෙනිසියුලාවට නොමිලේ Starlink සේවා.!

වෙනිසියුලාවට නොමිලේ අන්තර්ජාල සේවාවන් සැපයීමට ඊලෝන් මස්ක්ගේ Starlink පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සේවාවන් සඳහා වෙනිසියුලානු ජනතාවට නොමිලේ ප්‍රවේශය ලබා දීමට පියවර ගන්නා බව, X සටහනක් තබමින් Starlink සඳහන් කරයි. Starlink වෙතින් මෙම පියවර ගෙන ඇත්තේ, වෙනිසියුලාව රජයේ දැඩි රෙගුලාසි මෙන්ම රට පුරා විසන්ධි කිරීම් සහ මන්දගාමී අන්තර්ජාල සේවාවක් සම්බන්ධව දිගු ඉතිහාසයක් පවතින පසුබිමක වේ.
Read More

වෙනිසියුලාවේ පාලනය අමෙරිකාව යටතට ගනී.!

වෙනිසියුලාවේ ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරයි. ඒ අනුව ආරක්ෂිත නිසි සහ විචක්ෂණශීලි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු අමෙරිකාව විසින් වෙනිසියුලාව පවත්වාගෙන යන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිඳ දැන් අමෙරිකානු යුක්තියට මුහුණ දීමට නියමිත බවත් එක්සත් ජනපදයට සහ එහි පුරවැසියන්ට එරෙහිව මාරාන්තික මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් නිව්යෝර්ක් හීදි අධිචෝදනා ගොනු කර ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. තවද වෙනිසියුලාවට එරෙහිව දෙවන හා ඊටත් වඩා විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය සූදානම් බවත් පළමු ප්‍රහාරයේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් දැන් එය එසේ…
Read More

වෙනිසියුලා ජනපතිට සහ ඔහුගේ බිරිඳට අධි චෝදනා ගොනු කෙරේ.!

මේ වනවිට අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා සම්බන්ධව නඩු ගොනු කර අධි චෝදනා ගොනු කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳට මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම, එම ආයුධ මගින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත නිව්යෝර්ක් හිදී අධි චෝදනා ගොනු කර ඇත.
Read More

වෙනිසියුලා ජනාධිපති සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ අත්අඩංගුවට.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග අනුව අමෙරිකානු හමුදා විසින් වෙනිසියුලාවට ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත. අනතුරුව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටතට රැගෙන ගොස් ඇත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.  අමෙරිකානු නීති අංශ සමඟ ඒකාබද්ධව සිදුකළ මහා පරිමාණ මෙහෙයුමකින් පසුව මදුරෝ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන වෙනිසියුලාවෙන් පිටතට රැගෙන ගොස් ඇති බව එම සටහන මගින් සඳහන් කර ඇත.
Read More

BYD ලෝකයේ පළමු තැනට.!

මෙතෙක් කලක් විදුලි වාහන කිරුළ දරා සිටි අමෙරිකාවේ ටෙස්ලා සමාගම අබිබවා 2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව ඇත. අමෙරිකාවේ ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ චීනයේ BYD සමාගම මෙලෙස ඔවුන් අබිබවා ගොස් ඇත.  අමෙරිකාවේ ටෙස්ලා සමාගම 2025 වසරේදී වාහන මිලියන 1.64ක් අලෙවි කර ඇති අතර චීනයේ BYD සමාගම 2025 වසරේදී වාහන මිලියන 2.26ක් අලෙවි කර ඇති බව නවතම වාර්තාවකින් හෙළිවී ඇත.
Read More