Foreign news

ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඉතා ආසන්නයි.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

ඉරානයට අමෙරිකානු හමුදා ප්‍රහාර එල්ල කිරීමට ඉතාම ආසන්න බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. මේ අතර ඉරාන උද්ඝෝෂකයින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුටු කිරීමට උත්සහ කරන කරදරකාරයින් පිරිසක් බව අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සඳහන් කරයි. ඉරාන රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි මේ බව සඳහන් කර ඇත. එය ප්‍රතික්ෂේප කරන පිරිස් ඉදිරියේ පසුබට වීමට සිය රජය සූදානම් නොමැති බවත් ජනරජය බලයට පත්වූයේ ගෞරවනීය පුද්ගලයින් ලක්ෂ ගණනකගේ රුධිරයෙන් බව සියලු දෙනාම දැන ගත යුතු බවද ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සඳහන් කරයි.
Read More

චීනය සහ රුසියාවට පෙර ග්‍රීන්ලන්තය අයිති කර ගත යුතුයි.!

රටවල් ආරක්ෂා වන්නේ ගිවිසුම් මගින් නොව අයිතිවාසිකම් මගින් බැවින් රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි අයිතිය ලබා ගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත. ඒ හේතුවෙන් ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට සරළ ක්‍රමයකින් හෝ දැඩි ක්‍රමයකින් ක්‍රියා කළ යුතු බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත වැසියන් පවසන්නේ, ග්‍රීන්ලන්තය යනු විකිනීමට ඇති භූමියක් නොවන බවයි. ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට යුද ක්‍රියාමාර්ග ගතහොත් එමගින් නේටෝ සංවිධානයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවද එරට වැසියන් සඳහන් කරයි.
Read More

ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව රට පුරාම විරෝධතා.!

මේ වනවිට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා රට පුරාම විරෝධතා ආරම්භ කර ඇත. අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ජනතාව දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට රැගෙන ඒමේ අරමුණින් මෙම විරෝධතාවේ නියැලෙන බව වාර්තා වේ. මෙලෙස ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ වසර ගණනාවකට පසුවයි.
Read More

රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාව අමෙරිකාව භාරයට ගනී.!

අද (07) දින අමෙරිකානු හමුදා විසින් ලුහුබැඳගිය රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාව සිය භාරයට ගත් බව අමෙරිකාව නිල වශයෙන් තහවුරු කර ඇත. සති දෙකක් පුරා ලුහුබැඳීමෙන් අනතුරුව උතුරු අත්ලාන්තික් සාගරයේදී මෙම නෞකාව අමෙරිකාව සිය භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කිරීම, අමෙරිකානු සම්බාධක කඩකර ඉරාන තෙල් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙම නෞකාවට එල්ල වී ඇත. අමෙරිකානු හමුදා මෙම නැව ලුහුබඳිමින් සිටින බව දැනගැනීමෙන් අනතුරුව එම නෞකාවේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාවෙන් සබ්මැරීනයක් සහ යුධ නෞකාවක් යොදවා තිබුණි.
Read More

රිච්ටර් මාපක 6.7ක ප්‍රභල භූකම්පනයක්.!

පිලිපීනයේ රිච්ටර් මාපක 6.7 ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතැයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැගෙනහිර දිශාවට පිහිටි මුහුදු ප්‍රදේශයේ මෙම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වෙයි. භූකම්පනය සිදුව ඇත්තේ පොලොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් බවද වාර්තා වේ. කෙසේ වෙතත්, මේ වන විට භූකම්පනයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
Read More

වෙනුසියුලාවේ බොර තෙල් නැව් මගින් ඇමරිකාවට ගෙන එයි.!

ඊයේ (06) රාත්‍රියේ සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුනේ අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බවයි. . වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින් සම්බාධක පනවා ඇති බොර තෙල් මෙලෙස අමෙරිකාවට භාරදෙන බව ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ. එමෙන්ම එම බොර තෙල් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම අමෙරිකාව විසින් පාලනය කරනු ඇති අතර, එය වෙනිසියුලා ජනතාව සහ අමෙරිකාව යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කරන බවද ඔහු සඳහන් කළේය. මෙම සැලැස්ම ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලෙස බලශක්ති අමාත්‍ය ක්‍රිස් රයිට්ට…
Read More

මම ට්‍රම්ප්ට බය නෑ.. අපි හැප්පිලා බලමු.!

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ අනතුරු ඇඟවීමට පෙරළා අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. අමෙරිකානු හමුදාව ආක්‍රමණයක යෙදීමට තීරණය කළහොත්, රටේ ආරක්ෂාව සඳහා "ආයුධ අතට ගැනීමට" තමන් සූදානම් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කර ඇත. වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පැහැරගත් ආකාරයට අමෙරිකන් හමුදා තමන්ව පැහැර ගැනීමට පැමිණෙන්නේ නම්, අමෙරිකාව සමඟ යුද්ධයකට යෑමට තමන් පසුබට වන්නේ නැති බවද ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කර ඇත. ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කළේ, "ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මටත් චෝදනා කරනවා. මට පිස්සෙකු යැයි දොස් නගා තිබෙනවා. වෙනිසියුලා ජනාධිපති මදුරෝට සිදුවුණු ආකාරයේ ඉරණමකට මටත් මුහුණ දෙන්න වේවි යැයි ට්‍රම්ප් කියනවා. ඒත් මා ට්‍රම්ප්ට…
Read More

මම අහිංසක යහපත් මිනිසෙක්.. තවමත් වෙනිසියුලාවේ ජනාධිපති.!

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ අමෙරිකාවේ නිව්යෝර්ක් නගර අධිකරණයට ප්‍රථම වරට ඉදිරිපත් කළ අවස්ථාවේදී සඳහන් කළේ, තමා "අහිංසක" සහ "යහපත් මිනිසෙකු" බවයි. තමන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ගොනුකර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර කරන බවත් තමා තවමත් රටේ ජනාධිපතිවරයා බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. ජනාධිපති නිකොලාස් මදුරෝ තවදුරටත් සඳහන් කර ඇත්තේ, අම‍ෙරිකා එක්සත් ජනපදය විසින් තමාට එල්ල කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් බරපතළ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවයි.
Read More

වෙනිසියුලානු ජනපතිගේ වටිනා වත්කම් අත්හිටුවයි.!

වසර හතරක් සඳහා අත්හිටුවීම වලංගු වන පරිදි වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇත. අමෙරිකානු හමුදාව විසින් ජනාධිපති නිකොලස් මධුරෝව අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත විසින් මෙම පියවර ගෙන ඇත. තවද නීති විරෝධී ලෙස අත්පත් කරගත් බවට සානාත වුවහොත් එම වත්කම් වෙනිසියුලා ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා ආපසු ලබා දීමට උත්සාහ කරන බව ස්විට්සර්ලන්තය සඳහන් කර ඇත. ඇමරිකානු හමුදා මෙහෙයුමකින් පසුව ජනාධිපති මධුරෝ අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට මුහුණ දීම සඳහා නිව්යෝර්ක් වෙත ගෙන ඒමෙන් පසු ස්‍විට්සර්ලන්තය මෙම තීරණය ගෙන ඇත.
Read More

ජනපති ට්‍රම්ප් තවත් රටවල් දෙකකට අනතුරු අඟවයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් රටවල් දෙකකට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. ඒ අනුව අමෙරිකාවට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගලා ඒම තවදුරටත් අඩු නොකළහොත් කොලොම්බියාව සහ මෙක්සිකෝවටද හමුදා ක්‍රියාමාර්ග වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. අමෙරිකානු ජනාධිපතිවරයා කොලොම්බියානු ජනාධිපතිවරයාව දැඩිව විවේචනය කරමින් සඳහන් කළේ, කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙකු කොලොම්බියාව පාලනය කරන බවයි. ඒ අනුව තවදුරටත් ඔහුට එම කටයුත්ත වැඩි කාලයක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවද අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේදින් සමග පැවති සාකච්ජාවකදී සඳහන් කරයි. මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම්ට සිය රට පාලනය කරගත නොහැකි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එහි ආධිපත්‍ය දරන බවද ජනාධිපති ට්‍රම්ප් තවදුරටත් සඳහන්…
Read More