Foreign news

කැනඩාවට 100%ක තීරුබදු.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

කැනඩාවට 100%ක තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. යම් හෙයකින් චීනය සමග කැනඩාව වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එක්සත් ජනපදයට පැමිණෙන සියලුම කැනේඩියානු භාණ්ඩ හා නිෂ්පාදන සඳහා 100%ක තීරුබදු පැනවීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි. චීනය විසින් කැනඩාව පණපිටින් අනුභව කරනු ඇති බවත් ඔවුන්ගේ ව්‍යාපාර, සමාජ ව්‍යූහය සහ සාමාන්‍ය ජිවන රටාව විනාශ කරනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා කැනඩාවට අනතුරු අඟවා ඇත. මෙම ගිවිසුම සම්බන්ධව සිය Truth Social හී සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, එම ගිවිසුමෙන් තම රටට අනතුරක් විය හැකි බවයි.
Read More

අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනමක්.!

වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට එක්සත් රාජධානියේ ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබාදී ඇත. රජයේ පාසල් පනත් කෙටුම්පතට ගෙන ආ සංශෝධනයකට පක්ෂ ඡන්ද 261ක්ද විපක්ෂව ඡන්ද 150ක් හිමිව ඇති අතර විපක්ෂ ලෝඩ් සාමාජිකයින් මෙම තහනමට සහයෝගය පළ කර ඇත. කෙසේ වෙතත් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ පහළ සභාව වන (House of Commons) කොමන්ස් සභාවේදී අවලංගු කිරීමට උත්සාහ කරන බව බ්‍රිතාන්‍ය රජය සඳහන් කරයි. තවද වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් විසින් වෙනම මහජන උපදේශන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් පවතින බවද බ්‍රිතාන්‍ය රජය සඳහන් කරයි.
Read More

ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනවා.. ට්‍රම්ප් අනතුරු අඟවයි.!

තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනු ඇති බවත් තමන් ඒ සඳහා උපදෙස් ලබාදී තිබෙන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. නිවුස් නේෂන් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළේය. තමා ඝාතනය කිරීමට ඉරානය උත්සාහයක් ගතහොත් තෝරාගත් ඉලක්ක වලට පමණක් නොව මුළු ඉරානයටම ඇමෙරිකාව පහර දෙනු ඇතැයිද අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් සඳහන් කළේ, "කවදා හෝ කුමක් සිදු වුවද, මුළු රටම පුපුරුවා හරිනු ඇත. මම ඔවුන්ට තදින් පහර දෙන්නෙමි. නමුත් මට ඉතා දැඩි උපදෙස් තිබේ." "ජනාධිපතිවරයෙකුට ජනාධිපතිවරයෙකු ආරක්ෂා කිරීමට සිදු වේ."
Read More

ට්‍රම්ප් රැගත් යානය උඩුගුවනේදී විදුලි දෝෂයකට ලක්වෙයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගත් Air Force One ගුවන් යානය උඩුගුවනේදී විදුලි දෝෂයකට ලක්ව ඇති බව වාර්තා වේ. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Air Force One ගුවන් යානයෙන් පිටත්ව ඇත. එම ගුවන් ගමන ආරම්භ කර පැයකටත් අඩු කාලයක් තුළ විදුලි දෝෂයකට ලක්ව ඇති අතර අනතුරුව එම යානය ශාන්ත ඇන්ඩෘස් හමුදා කඳවුර වෙත යළි පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනත් ගුවන් යානයක් භාවිතා කරමින් ස්විට්සර්ලන්තය බලා පිටත් වීමට නියමිත බව අමෙරිකානු බලධාරීන් සඳහන් කරයි.
Read More

අසල්වැසි ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්.!

ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ රික්ටර් මාපක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව ඇත. කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් මෙම භූකම්පනය හටගෙන ඇති අතර එය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More

ඉරානය ගිනි ගනී.. යුධ පිටියේ මරණ 5000ක්.!

ඉරානයේ ආණ්ඩු විරෝධී විරෝධතා වලින් මියගිය ගණන අවම වශයෙන් පුද්ගලයින් 5000ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පුද්ගලයින් අතර ආරක්ෂක නිලධාරින් 500 දෙනෙකු ඇතුළත් බවත් මේ වනවිට විශාල පිරිසක් රෝහල්වල සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වලදී විරෝධතාකරුවන් දහස් ගණනක් මියගොස් ඇති බවට එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පිළිගෙන ඇත.  විරෝධතා අතරතුර දහස් ගණනක පිරිසක් මියගොස් ඇති අතර ඉන් ඇතැම් මරණ අමානුශික හා ම්ලේච්ඡ ආකාරයෙන් සිදුව ඇති බවද අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සඳහන් කරයි. අමෙරිකාවට හා ඊශ්‍රායලයට සම්බන්ධ පිරිස් විසින් සිය රටට විශාල හානියක් සිදු කළ අතර ඔවුන් මෙම මරණ වලට වගකිව යුතු බවද ඉරාන…
Read More

රටවල් කිහිපයකට ට්‍රම්ප් අමතර තීරු බද්දක් පනවයි.!

පෙබරවාරි (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවලට නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත. ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගනුදෙනුවකට එළැඹෙන තාක් මෙම තීරු බද්ද ක්‍රියාත්මක වන බව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ඒ අනුව එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම හෝ ඕනෑම භාණ්ඩයක් සඳහා 10%ක නව තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇත. ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල්වලින් අමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඕනෑම භාණ්ඩයක් සඳහා මෙම 10%ක තීරු බද්ද පැනවෙනු ඇත.
Read More

ඉන්දියා – බංග්ලාදේශ ගැටුම උඩු දුවයි.. ICC නියෝජිතයාට වීසා නොදෙයි.!

බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයාට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර ඇත. එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා ICC නියෝජිතයා බංග්ලාදේශයට පැමිණීමට තීරණය කර ඇත. එහෙත් ICC දූෂණ විරෝධී සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇන්ඩෲ එෆ්. ග්‍රේඩ් අද (17) දින ඩකා නුවරට පැමිණීමට නියමිත බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් සඳහන් කරයි.
Read More

Apple පසුකරමින් Google සමාගම තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමට.!

Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට (12) දින ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම මෙලෙස ඉහළ මට්ටමකට ළඟා වූයේ මේ වසරේ මේ දක්වා සිය කොටසක වටිනාකම 6% කින් ඉහළ යාම හේතුවෙනි. Nvidia, Microsoft සහ Apple සමාගම් වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව ඇත. පසුගියදා Alphabet සමාගම 2019 වසරෙන් පසු පළමු වරට Apple සමාගම පසු කරමින් වෙළෙඳපොළ වටිනාකම අනුව ලෝකයේ දෙවන වටිනාකම වැඩිම සමාගම බවට පත්ව ඇත. කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ Alphabet සමාගමේ දැඩි හා පැහැදිලි…
Read More

වෙනිසියුලාවේ ජනාධිපති අල්ලා ගත් ආකාරයට නෙදන්යාහු පැහැර ගන්න.!

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ රඳවා තබාගත් ආකාරයටම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැහැර ගෙන ගොස් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කරයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු බවත් අමෙරිකාවට සහ තුර්කියට බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගත හැකි බවත් පකිස්ථානයේ ජනතාව එය සිදුවීමට යාඥා කරන බවද ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කරයි. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන අපරාධ සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය, නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇති බවද ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කරයි. එරට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මේ බව සඳහන් කරයි.…
Read More