06
Jan
කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ අනතුරු ඇඟවීමට පෙරළා අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. අමෙරිකානු හමුදාව ආක්‍රමණයක යෙදීමට තීරණය කළහොත්, රටේ ආරක්ෂාව සඳහා "ආයුධ අතට ගැනීමට" තමන් සූදානම් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කර ඇත. වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ පැහැරගත් ආකාරයට අමෙරිකන් හමුදා තමන්ව පැහැර ගැනීමට පැමිණෙන්නේ නම්, අමෙරිකාව සමඟ යුද්ධයකට යෑමට තමන් පසුබට වන්නේ නැති බවද ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කර ඇත. ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට සඳහන් කළේ, "ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මටත් චෝදනා කරනවා. මට පිස්සෙකු යැයි දොස් නගා තිබෙනවා. වෙනිසියුලා ජනාධිපති මදුරෝට සිදුවුණු ආකාරයේ ඉරණමකට මටත් මුහුණ දෙන්න වේවි යැයි ට්‍රම්ප් කියනවා. ඒත් මා ට්‍රම්ප්ට…
