Foreign news

වහාම ඉවත් වෙන්න.. රටවල් 14ක පුරවැසියන්ට අමෙරිකාවෙන් දැනුම්දීමක්.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පවතින ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින් අමෙරිකානු පුරවැසියන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත. ඒ අනුව මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත. බහරේන්, ඊජීප්තුව ,ඉරානය ,ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබියාව, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යේමනය යන රටවල සිටින අමෙරිකානු පුරවැසියන්ට එලෙස ඉවත් වන ලෙස දැනුම් දී ඇත.
Read More

නෞකා වලට පහර දෙනවා.. ඉරානයෙන් අනතුරු ඇඟවීමක්.!

By Reporter.lk on (LK time) ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවට නිවේදනය කර ඇති අතර ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නෞකා වලට පහරදෙන බවට අනතුරු අඟවා ඇත. ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක වලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් පවතින අතරතුර මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍යය යන රටවලින් අපනයනය කරන බොරතෙල් ලෝකයට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගය මෙය වේ.
Read More

ඉරානය වෙනුවෙන් චීනය එයි.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඉරානයට චීනයේ සහාය හිමිවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී, ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සමග පැවති දුරකථන සාකච්ඡාවකදී සඳහන් කර ඇත. ඉරානය සමග තිබෙන මිත්‍රත්වය චීනය අගය කරන බවත් ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ගෞරවය ආරක්ෂා කර ගැනීමට චීනයේ සහාය හිමිවන බවද චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී සඳහන් කර ඇත.
Read More

ඉරාන න්‍යෂ්ටික මිසයිල.? ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.!

By Reporter.lk on (LK time) ඉරානයේ ගැටුම තවත් සති හතරක් හෝ පහක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති නමුත් එක්සත් ජනපදයට ඊට වඩා බොහෝ දුරයාමට හැකියාව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත. ටෙහෙරානයේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙය අමෙරිකාවට සහ විදේශයන්හි ස්ථානගත කර ඇති අපගේ හමුදාවන්ට ඉතා පැහැදිලි, දැවැන්ත තර්ජනයක් බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
Read More

මැදපෙරදිග වෙනුවෙන් රුසියාව එනවා.. පුටින් අනතුරු අඟවයි.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා ඇත. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායල ප්‍රහාර කලාපීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බැවින් මැදිපෙරදිග කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාව සක්‍රීය මැදිහත්වීමක් සිදුකිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කර ඇත. ගල්ෆ් කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයින් සිව්දෙනෙකු සමඟ දුරකථන සාකච්ඡාවල නිරත වෙමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ බව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඉරානයට පහරදීම සඳහා තම රට කඳවුරක් ලෙස භාවිතා නොකරන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල…
Read More

ඉරාන උත්තරීතර නායකයාගේ බිරිඳ ඝාතනය කරයි.!

By Reporter.lk on (LK time) ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේදී ඝාතනය කර ඇතැයි ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව තහවුරු කර ඇත. අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය සහ මුණුපුරා ඝාතනය කළ අතර කමේනි සහ ඔහුගේ බිරිඳට දරුවන් හය දෙනෙක් සිටියි.
Read More

එමිරේට්ස් ගුවන් ගමන් නවතී.!

By Reporter.lk on (LK time) මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති යුදමය තත්ත්වය මත මැදපෙරදිග කලාපීය ගුවන් සීමාවන් කිහිපයක් වසා දැමීම හේතුවෙන් එමිරේට්ස් ගුවන් සේවය ඩුබායි රාජ්‍යයේ සිට සිදුකරන සියලුම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇත. එමිරේට්ස් ගුවන් සේවය සිය සේවාව ඩුබායි රාජ්‍යයේ සිට සහ ඩුබායි දක්වා සිදුකරන සියලුම මෙහෙයුම් මාර්තු (03) වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේලාවෙන් පස්වරු 03:00 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව එමිරේට්ස් ගුවන් සේවය සඳහන් කරයි.
Read More

සෞදි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර.!

By Reporter.lk on (LK time) සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන යානා දෙක විනාශ කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වෙතත් එම ප්‍රහාරය විනාශ කිරීමට උත්සහා කිරීමත් සමඟ සුන්බුන් විසිරීම හේතුවෙන් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන ඇති බවද සඳහන් කරයි. එම ගින්න හේතුවෙන් මේ වනවිට මෙහෙයුම් තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More

ඉරාන නියමුවන් රහිත යානයකින් බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාර.!

By Reporter.lk on (LK time) ඉරානයේ නිෂ්පාදිත "ෂහෙඩ්" (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයකින් සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස් තොරතුරු අනාවරණය කර ඇත. ඉරානයේ නිෂ්පාදිත එම නියමුවන් රහිත යානයක් ඇක්‍රොටිරි (Akrotiri) ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැටී ඇති බව සයිප්‍රස් ජනාධිපතිවරයා සඳහන් කරයි. මෙම අනතුරින් දේපළවලට සුළු හානි සිදුව ඇති බවත් තමන් යුරෝපීය නායකයින් සහ අනෙකුත් රටවල නායකයින් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බවද සයිප්‍රස් ජනාධිපතිවරයා සඳහන් කරයි.
Read More

ඉරාන ප්‍රහාර අතරතුර අමෙරිකානු හමුදා ‘ක්ලෝඩ්’ තාක්ෂණය භාවිතා කරයි.!

By Reporter.lk on (LK time) ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉවත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත. එහෙත් නියෝග කර පැය කිහිපයකට පසුවත්, අමෙරිකානු මධ්‍යම විධානය (U.S. Central Command) ඇතුළු අමෙරිකානු රජය, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම්වලදී බුද්ධි තොරතුරු විශ්ලේෂණය සහ ඉලක්ක හඳුනා ගැනීම වැනි කාර්යයන් සඳහා තවදුරටත් ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ 'ක්ලෝඩ්' (Claude) AI තාක්ෂණය භාවිතා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More