යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 17ක මුදලක් බැර වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබූ නඩුවක අධි චෝදනා භාරදීම අද (10) දින සිදුවිය.

එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රීෂාන්ති අමරතුංග නියෝග කළාය.

මාර්තු මස (19) දින සිට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් සෑම මසකම පළමු ඉරිදා සහ තුන්වන ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද හෝමාගම මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments