T20 ලෝක කුසලානය ඉන්දියාව දිනා ගනී.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 255ක් රැස්කරගැනීමට සමත් වු අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 159ක් පමණි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කරමින් විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැලදීමට ඉන්දියාව සමත් විය.

ඉන්දියාව විස්සයි විස්ස ලෝක ශූරයන් බවට අඛණ්ඩව පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර මේ දක්වා ඔවුන් තෙවරක් ලෝක ශූරයන් බවට පත්ව ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments