By Reporter.lk on (LK time)
අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල සංශෝධනය වුවද රටේ පැවති තත්ත්වය හමුවේ ප්‍රවාහන ගාස්තුවල වෙනසක් සිදු නොකළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.
කෙසේ වෙතත් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු සඳහන් කරයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු සඳහන් කළේ,
“නිදාගෙන නැගිටිනකොට හදිසියේ තෙල් මිල ඉහළ ගිහින්. අප ප්‍රවාහන සංගමයක් විදියට තීරණයක් ගත්තා 5% කින් ගාස්තු වැඩි කිරීමට. ඒ අනුව පාසල් දරුවෙකුගේ ගාස්තුව රුපියල් 10,000 නම් රුපියල් 500 කින් ගාස්තුව වැඩි වෙනවා. රුපියල් 22 කින් ඉන්ධන මිල ඉහළ යෑම ප්‍රවාහන ක්ෂේත්රයේ අපිට දැඩි ලෙස දැනෙනවා. අකමැත්තෙන් වුණත් අපිට මෙම තීරණය ගන්න සිද්ධ වුණා.”





