ඉරානය වහාම ඉවත් වෙන්න.. නැතිනමි ප්‍රහාර විසිගුණයකින් වැඩි කරනවා.!

හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමන් කිරීමට ඉඩ නොදෙන්නේ නම් ඉරානයට එල්ල කරන ප්‍රහාර විසිගුණයකින් ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ යුදා නෞකා තබා ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

ඉරානය මේ වනවිට හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රීතව බෝම්බ අටවා ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

එහෙත් ඉරානය බෝම්බ ඇටවීමක් කළොත් ඉරානයට පෙර නොවූ විරූ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments