මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනයේ යෙදෙන රියදුරන්, රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් සේවයේ යෙදවීම ඊයේ (21) දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පළේදී ආරම්භ කළේය.
රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් පරීක්ෂණය සඳහා යොමුකළ දුරගමන් හා කෙටිදුර බස් රථ රියදුරන් 59 දෙනෙකු අතරින් 10 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් ලෙස හඳුනාගැනීමට හැකි වු බව පොලීසිය සඳහන් කරයි.
එම වාර්ථා අනුව ඉන් 08 දෙනෙකු භාවිතා කර ඇත්තේ ගංජා වන අතර දෙදෙනෙක් හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට අනාවරණය වු බවද පොලීසිය සඳහන් කරයි.
