ඉරාන නාවිකයන්ගේ සිරුරු තානාපති කාර්යාලයට.!

ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කළ ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාරදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත අද (11) නියෝග කර ඇත.

ගාල්ල වරාය පොලීසිය විසින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments