යුද්ධය අවසන් කිරීමේ තීරණය ගන්නේ ඉරානය.. අමෙරිකාවට අනතුරු අඟවයි.!

ඉරානයේ මෙහෙයුම අති සාර්ථක බවත් අමෙරිකානු හමුදාවට තවත් ඉරානයේ ඉලක්ක ඇති නමුත් ඒවා එක් දිනකින් විනාශ කළ හැකි ඒවා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානය සඳහන් කළේ, යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නේ තමන් බවයි.

අමෙරිකානු සහ ඊශ්‍රායලය ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවද ඉරානය සඳහන් කරයි.

කලාපයේ අනාගතය දැන් ටෙහෙරානයේ හමුදාවන්ගේ අතේ බව ඉරානයේ ස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අවධාරණය කර ඇත.

තවද අමෙරිකාවේ නාවික බලඇණි කලාපයට එන තෙක් ඉරාන හමුදා මගබලා සිටින බවද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රකාශකවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments