සහකාර රස පරීක්ෂකවරුන් 26ක් බඳවා ගැනීමට පියවර.!

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් 26 දෙනෙකු බඳවා ගැනීමට පියවර ගෙන ඇත.

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 30ක් පමණ පවතින බවත් ඒ හේතුවෙන්, රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට අදාල කටයුතු වලට ගැටලු මතුව ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මීට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා, නව බඳවා ගැනීමේ පෙබරවාරි මුල් සතිය තුළ සිදුකර අවසන් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.