By Reporter.lk on (LK time)
කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී බොදු බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට එහි මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමිට අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (11) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ දැනුම් දුන්නේය.
නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ ඇප මත මුදා හැර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විවෘත අධිකරණයේ පෙනී සිටියේය.





