කිසිදු රටකට බොරතෙල් අපනයනය කරන්න දෙන්නෑ.. ඉරානයෙන් රතු එළියක්.!

අමෙරිකාව සහ ඊශ්‍රායලය තවදුරටත් ඉරානය වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් මැදපෙරදිග කලාපයේ කිසිදු රටකට බොරතෙල් අපනයනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ඉරාන විප්ලවීය හමුදාව සඳහන් කරයි.

මැදපෙරදිග කලාපය ආශ්‍රිතව පවතින යුද තත්ත්වය අවසන් කළ යුත්තේ, ඉරානය බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය හමුදාව මේ බව සඳහන් කර ඇත.

එනිසා තවදුරටත් ඉරානය වෙත අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයෙන් බොරතෙල් ලීටරයක් හෝ අපනයනය කිරීමට අවස්ථාව හිමිනොවනු ඇති බවද ඉරාන විප්ලවීය හමුදාව සඳහන් කරයි.

මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments