අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිල ගණන් ඉහළ⁣ට.!

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩි කරන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩි කර ඇත.

ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින්, බත් සහ කොත්තු රුපියල් 25කින් වැඩි කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments