Out of the box

ඉතාලිය – ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර ගිවිසුම.!

ඉතාලිය – ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර ගිවිසුම.!

ඉතාලිය – ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත්කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. ඊට අදාළ ගිවිසුමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගෝ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබූ අතර විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපොඩි ඉතාලි රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. මෙම රියදුරු බලපත්‍ර ගිවිසුම මගින් දෙරටේ ස්ථිර පදිංචිය ලබාගත් පුද්ගලයින්ට වලංගු රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමට පහසුකම් සපයයි. පසුගිය 2021 වසරේදී මෙම ගිවිසුම කල් ඉකුත්වූ අතර, එතැන් සිටි දෙරටේ මෝටර් රථ ප්‍රවාහන බලධාරීන් ගිවිසුම අලුත් කිරීම සඳහා පැවති සාකච්ඡා…
Read More
රෙස්ලිං වළල්ලේ දැවැන්තයා “ජෝන් සීනා” සුමුගනී.!

රෙස්ලිං වළල්ලේ දැවැන්තයා “ජෝන් සීනා” සුමුගනී.!

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරාම ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා අද (13) සිය ක්‍රීඩා දිවියෙන් සමුගනී. ඒ අනුව අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනාගේ සිය රෙස්ලිං ක්‍රීඩා දිවියේ අවසන් තරගය මෙරට වේලාවෙන් හෙට (14) දින අලුයම පැවැත්වේ. ජෝන් සීනා 17ක් වතාවක් “WWE” ශූරතා හිමිකරගෙන ඇති අතර එය ක්‍රීඩකයෙකු දිනා ඇති වැඩිම ශූරතාව සංඛ්‍යාව වේ. අවසන් තරගයේ ප්‍රතිවාදියා වන්නේ ඔස්ට්‍රියානු ජාතික ‘GUNTHER’ වන අතර මෙම තරගයෙන් පසුව ජෝන් සීනාගේ වසර 20කට වැඩි වෘත්තීය ක්‍රීඩා දිවිය අවසන් වනු ඇත. ඒ අනුව රෙස්ලිං ක්‍රීඩාවේ අමතක කළ නොහැකි සංදිස්ථාන රැසක් සනිටුහන්කර ඇති ජෝන් සීනාගේ අවසන් තරගය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත…
Read More
හරිනිට නාමල්ගෙන් මල් මිටක්.!

හරිනිට නාමල්ගෙන් මල් මිටක්.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බවයි. ඔහු පැවසූවේ පසුගිය දිනවල තමා ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින විපතට පත් ජනතාව මුණ ගැසුනු බවත් රජය මැදිහත් වී ඔවුනට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි.
Read More
‘දිට්වා’ කොළඹට එකතු කළ කුණු ටොන් 10,000ක් දින 10කින් ඉවත් කරන්න සැලැසුම්.!

‘දිට්වා’ කොළඹට එකතු කළ කුණු ටොන් 10,000ක් දින 10කින් ඉවත් කරන්න සැලැසුම්.!

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තිලක් හේවාවසම් මහතා පැවසූවේ ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් ගංවතුරට හසුවූ කොළඹ තදාසන්න ප්‍රදේශවල එක්රැස්වී ඇති කසළ දින 10ක් පමණ කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ මහතා පෙන්වා දුන්නේ කොළොන්නාව ප්‍රදේශයේ පමණක් ටොන් 8,000ක පමණ මිශ්‍ර කසළ එක්රැස්වී ඇති බවත්ය, ඒවා දින 2කින් පමණ ඉවත්කිරීමට හැකිවනු ඇති බවත්ය.  ඊට අමතරව කොටිකාවත්ත, මුල්ලේරියාව වැනි ප්‍රදේශවල ටොන් 10,000ක, 12,000ක පමණ කසළ එක්රැස්වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. “මේ වනවිට බස්නාහිර පළාත් අධිකාරිය විසින් දිනකට ලොරි 100ක් විතර යොදවලා ඉතාමත් සාර්ථක මෙහෙයුමක් කරනවා.  මං හිතන්නේ ඔවුන් දින 10ක් විතර කාලයේදී මේ සියල්ලම ඉවරකරයි. නමුත් මේ කසළ ජනනය වන එක…
Read More
රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් මුදල්.!

රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් මුදල්.!

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 4,000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. 8%ක වාර්ෂික පොලියක් සහිතව සමාන මාසික කොටස් දහයකින් මෙම අත්තිකාරම් මුදල අය කරගත යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්. උත්සව සමය වෙනුවෙන් සෑම වසරකම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම අත්තිකාරම් මුදල් ලබාදීම සිදුවන අතර රුපියල් 4,000කට නොවැඩි මෙම අත්තිකාරම් ගෙවීම ජනවාරි පළමුවන දිනෙන් ආරම්භ කර පෙබරවාරි මස අවසාන දිනයෙන් අවසන් කළ යුතුයි.
Read More
ගර්භණී කාන්තාවන්ට රජයෙන් දීමනාවක්.!

ගර්භණී කාන්තාවන්ට රජයෙන් දීමනාවක්.!

පසුගියදා දිවයින පුරා ඇති වූ ආපදා තත්ත්වය සහ එළැඹෙන උත්සව සමය පදනම් කර ගනිමින් ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව නොවැම්බර් මස (30) වන දින තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා රුපියල් 5,000ක් වටිනා පෝෂණ දීමනාව එක් වරක් පමණක් ලබාදීමට නියමිතය.
Read More
ජපානයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක්.!

ජපානයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක්.!

අද (12) පෙරවරුවේ ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපානයේ වේලාවෙන් පෙ.ව. 11:44 පමණ අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 20ක් (සැතපුම් 12) ගැඹුරකින් මෙය සිදුව තිබේ. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා ඇත්තේ, මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 1 (අඟල් 39)ක් දක්වා ඉහළ යා හැකි බවය. පසුගිය සඳුදා ද එම කලාපයේ රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවිය. එම භූමිකම්පාවෙන් පසු උතුරු හොක්කයිඩෝ සිට ටෝකියෝවේ නැගෙනහිරින් චිබා දක්වා වූ ප්‍රදේශයක යළිත් ප්‍රබල භූමිකම්පාවක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස රජය එහි ජනතාවට විශේෂ දැනුම්දීම් නිකුත්කර තිබුණි.
Read More
රන් මිල ඉහළ⁣ට.!

රන් මිල ඉහළ⁣ට.!

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව අද (12) දින මෙරට රත්‍රං මිල ඉහළ ගොස් ඇත. ඒ අනුව අද කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රුපියල් 312,000ක් ලෙස දැක්වුණි. කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 24” රන් පවුමක් මිල රුපියල් 339,000ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read More
නුවරඑළියේ කිසිදු මාර්ගයක රාත්‍රියේ ගමන් එපා.!

නුවරඑළියේ කිසිදු මාර්ගයක රාත්‍රියේ ගමන් එපා.!

වාහන ධාවනයට විවෘත කළ ගම්පොළ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයෙන් යළිත් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළාය. එනිසා පවතින කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා නුවරඑලියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙසද දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළාය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත් ආපදාවට පත් සහ ආපදාවට පත් නොවූ ඇතැම් පිරිස් රජය අපහසුතාවට පත් කිරිමේ අරමුණින් සිදුකරන ඇතැම් ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද ලේකම් තුෂාරි තෙන්නකෝන් සඳහන් කළාය.
Read More
රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීමයි.!

රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීමයි.!

රජයේ අරමුණ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත ජීවිතයක් ලබා දීම බවත්, ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම වසරට අදාළව රජය ලබාදී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ සියලු ප්‍රතිසංස්කරණ මෙම දෙසැම්බර් (31)ට පෙර නිම කරන ලෙසත්, එම ප්‍රතිපාදන කිසිසේත් ආපසු හරවා එවීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය. ජනතාවට සහන සැලසීමේදී සහ ජන ජීවිතය යථාවත් කිරීම වෙනුවෙන් ප්‍රතිපාදනවල කිසිදු හිඟයක් නොමැති අතර අවශ්‍යව ඇත්තේ මෙම හදිසි අවස්ථාවේ සීමා නොසළකා මනා සම්බන්ධීකරණයෙන් සියලු ආයතන තම වගකීම ඉටුකිරීම බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ…
Read More