Out of the box

පුරවැසිභාවය අහෝසි කරන ට්‍රම්ප්ගේ නියෝගය.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ම පුරවැසිභාවය අහෝසි කිරීමේ විධායක නියෝගයකට පසුගියදා අත්සන් කළේය. එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් විධායක නියෝගයට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සමක් සලකා බැලීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එම පෙත්සම විභාග කිරීම සඳහා දිනයක් නියම කර නොමැති අතර අමෙරිකානු ‍පහළ අධිකරණය කිහිප වතාවක් එම විධායක නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට ප්‍රකාශ කළේය. එම විධායක නියෝගය මගින් නීතිවිරෝධී ලෙස අමෙරිකාවේ සිටින හෝ තාවකාලික වීසා මත රට තුළ සිටින පුද්ගලයින්ට උපදින දරුවන්ට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ශේප කිරිමයි.
Read More

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් මියගිය ගණන 900 ඉක්මවයි.!

පසුගිය දිනවල ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 916ක් මියගොස් ඇති බවත් 274 දෙනෙකු අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ගංගා ඉවුරු බිඳී ගොස් ගංවතුර කඳුකර ගම්මාන හරහා ගලා ගොස් ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි ජලයෙන් යට වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විටත් ඉන්දුනීසියාවේ ගලවා ගැනීමේ නිලධාරීන් විසින් මළ සිරුරු සොයා මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More

සාම ගිවිසුම අවසන්.. නැවතත් ගුවන් ප්‍රහාර.!

තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමා ගැටුම් මධ්‍යයේ තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙරට අතර සටන් විරාම ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රහාර දියත් කළ බව තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (08) දින ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් නැවත මෙම ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙරට අතර අත්සන් කර ඇති සාම ගිවිසුම බිඳ වැටීමේ අවධානමක්ද මේ වන විට මතුව ඇත. දේශසීමා ගැටුම් අවසන් කිරීම සඳහා පසුගිය ඔක්තෝම්බර් (26) වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙරට අතර සාම ගිවිසුමකට අත්සන් කරනු ලැබුවේය.
Read More

භූකම්පනයෙන් පසු ජපානයට සුනාමි තත්ත්වයක්.!

ජපානයේ රික්ටර් මාපකයේ 7.6 අගයක් ගත් භූමිකම්පාව හට ගැනීම හේතුවෙන් හොක්කයිඩෝ පළාතේ උරකාවා නගරයට සහ අමෝරි පළාතේ මුට්‌ට්සු ඔගවාරා වරායට සෙන්ටිමීටර 40ක උසින් යුත් සුනාමි රළ කඩා වැදී තිබූ බව එරට බලධාරීහු සඳහන් කරයි. රික්ටර් මාපකයේ 7.6 අගයක භූමිකම්පාව හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර එක් රළක් රාත්‍රී 11:43ට පමණ මිසාවා පිහිටා ඇති අමෝරි හි උතුරු කලාපයේ වරායකට පහර දී ඇත. හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ පළාත් සඳහා මෙම සුනාමි අනතුරු ඇඟවීම කාලගුණ විද්‍යා ඒජන්සිය නිකුත් කර තිබූ අතර අඩි 10ක් දක්වා සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබුණේය. කෙසේ වෙතත් මේ වනවිට ජපානය සුනාමි…
Read More

Amazon සහ Microsoft සමාගම් දැවැන්ත ආයෝජනයකට සැරසෙයි.!

ලෝකයේ සුප්‍රකට Amazon සහ Microsoft සමාගම් ඉන්දියාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඩොලර් බිලියන 52ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඉන්දියාවේ කෘතීම බුද්ධිය හෙවත් AI සම්බන්ධ ව්‍යාපෘති නඟා සිටුවීම සහ ශක්තිමත් කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිතය. ඒ අනුව Microsoft සමාගමෙන් ඉන්දියාවට ඩොලර් බිලියන 17.5ක ආයෝජනයක් හිමිවන අතර ඉදිරි වසර පහ තුළ Amazon සමාගමත් ඩොලර් බිලියන 35ක් ඉන්දියාවේ ආයෝජනය කිරීමට නියමිතය.
Read More

ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනැගීමට ප්‍රමුඛත්වය දෙන්න.!

ව්‍යසනය හමුවේ බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත්, හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වගා හානි සඳහා අදාළ වන්දි ගෙවීම් මෙම දෙසැම්බර් 25 වනදාට පෙර නිම කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ අද (13) පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි. පසුගිය සුළි කුණාටුව රටටම එකවර මුහුණ දීමට සිදුවූ මෑතකාලීන විශාලතම ව්‍යසනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හමුවේ බිද වැටුණු ජන ජීවිතය යථා…
Read More

Rebuilding Sri Lanka අරමුදලට ඩඩ්ලිගෙන් මිලියන 100ක්.!

‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුව Lakbima Rice Mills (Pvt) Ltd වෙතින් මූල්‍යමය පරිත්‍යාගයක් කර ඇත. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොළොන්නරුව Lakbima Rice Mills (pvt) Ltd වෙතින් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කරන ලදී. ඊට අදාළ චෙක්පත අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන විසින් අද (13) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිරිනමනු ලැබීය.
Read More

Rebuilding Sri Lanka අරමුදලට තවත් මිලියන 100ක්.!

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Almas Holdings (Pvt) Ltd විසින් රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කරන ලදී. ඊට අදාළ චෙක්පත Almas Holdings (Pvt) Ltdහි සභාපති ඉම්ටියාස් බුහාර්ඩීන්(Imtiaz Buhardeen) විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිරිනමනු ලැබීය. මහනුවර දිස්ත්‍රික්කයේ ගංවතුර සහන වැඩසටහන් සහ නැවත ගොඩනැඟීමේ කටයුතු සඳහා තවදුරටත් සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව සභාපති ඉම්ටියාස් බුහාර්ඩීන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කළේය
Read More

යුද ගැටුම් හේතුවෙන් දේශසීමා මාර්ග වසා දමයි.

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් දෙරට අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාම්බෝජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව නැවත දැනුම්දෙනතුරු මෙම දේශසීමා හරස් මාර්ග වසා තැබීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පවතින යුද ගැටුම් හේතුවෙන් තායිලන්ත සොල්දාදුවන් කිහිපදෙනෙකු මියගොස් ඇතත් කාම්බෝජය හමුදාවන්ට සිදුවූ හානි සම්බන්ධයෙන් එරට තවමත් දත්ත යාවාත්කාලීන කිරීමක් සිදුකර නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More

ආපදා හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වීමට නොහැකි වූ පවුල් වෙත වියළි ආහාර සලාකයක්.!

ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතුයි යන දැඩි ස්ථාවරත්වයේ රජය කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. සිය කර්මාන්තය කරගෙන යාමේදී රට පුරා ධීවර ජනතාව මුහුණදී සිටින ගැටලුවලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට (13) මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි. මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා සථීර විසඳුමකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ…
Read More