04
Jan
ආහාර උපදේශන කමිටුවෙන් විමසීමෙන් අනතුරුව, ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ ඇති නියෝග කිහිපයක් බලාත්මක වන දිනය කල් දැමීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පියවර ගෙන ඇත. ඒ අනුව 2023 පෙබරවාරි මස (14) වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද ආහාර පනතේ නියෝග කිහිපයක් බලාත්මක කිරීම ලබන ජුලි මස (01) වන දින දක්වා කල් දැමීමට පියවර ගෙන ඇත. ආහාර ලේබල් කිරීමේ සහ ප්‍රචාරය කිරීමේ නියෝගය, දියර ආහාරවල සීනි මට්ටම සදහා වර්ණ සංකේතවත් කිරීමේ නියෝගය, ආහාර සදහා ලුණු අයඩීනිකරණය කිරීමේ නියෝගය සහ ට්‍රාන්ස් මේද පිළිබඳ නියෝගය යන නියෝග බලාත්මක කිරීම ජුලි මස (01) වන…
