15
Jan
පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් මගීන් 68 දෙනෙකු රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරා ජනවාරි (21) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නොච්චියාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පොලිස් නිලධාරීන්ගේ අවවාද සහ මහ ජනතාවගේ ඉල්ලීම් නොතකමින් මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රැගත් පෞද්ගලික බස් රථය, ධාවනය කර බස් රථය සැඩ පහරට ගසාගෙන යාමට සලස්වා එම මගීන් පිරිස අනතුරක හෙළීමට අදාළ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කළේය. මෙම පෞද්ගලික බස් රථ රියැදුරාට ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ…
