Local news

මාර්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්.!

By Reporter.lk on (LK time) ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යාම හමුවේ ලිට්‍රෝ ගෑස් සමාගම මාර්තු මාසයේ ගෑස් සිලින්ඩරයක මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට දැනුම්දීමක් කර ඇත. ඒ අනුව වෙළෙඳපොළේ ගෑස් මිල ස්ථාවරව පවත්වාගෙන මාර්තු මාසය සඳහා ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කය සඳහා 12.5kg ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි.
Read More

ඉරාන නෞකා 30ක් මුහුදේ ගිල්වා දැමූ අමෙරිකාව.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන යුද්ධය හේතුවෙන් මේ දක්වා ඉරාන නෞකා 30කට වැඩි ප්‍රමාණයක් මුහුදේ ගිල්වා දමා ඇති බව අමෙරිකානු හමුදාව සඳහන් කරයි. යුදමය තත්ත්වය හේතුවෙන් ගිල්වා දැමූ ඉරාන නෞකා අතර ඉරාන ඩ්‍රෝන නෞකාවක් ගිල්වා දැමූ බවද අමෙරිකානු හමුදාව සඳහන් කරයි. තවද මෙම යුද්ධයේ පළමු දිනයේ සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර 90% කින් අඩු වී ඇති බවද අමෙරිකානු හමුදා සඳහන් කරයි. මේ අතර ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරාගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට තමන්ටද අවශ්‍ය බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
Read More

රටම බලාසිටි ගැසට් නිවේදනයක් නිකුත් කරයි.!

By Reporter.lk on (LK time) ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු (09) වන දින සිට බලාත්මක වන අතර එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇත. මෙම ගැසට් පත්‍රයට අනුව විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා ඇත.
Read More

ඉරාන නෞකාවේ සිටි 204ක් ආරක්ෂිතව කොළඹ වරායට.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ 'IRIS Bushehr' නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යන බවත් ඔවුන්ගේ ලියාපදිංචිය, වෛද්‍ය පරීක්ෂණ හා ආහාර වැලිසර නාවික හමුදා කඳවුර වෙතින් සිදුකරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කරයි.
Read More

වහාම අවි බිම තබා යටත් වෙන්න.. නැතිනම් මරණය නියතයි.!

By Reporter.lk on (LK time) ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය, එහි හමුදාවන් සහ පොලීසිය අවි බිම තබා වහාම යටත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් දැනුම්දී ඇත. එසේ කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන බවත් එසේ නොකරන්නේ නම් නියත මරණයකට මුහුණදීමට සිදුවන බවද අමෙරිකානු ජනධිපතිවරයා දැනුම්දී ඇත. ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, "මම නැවත වරක් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ සියලුම සාමාජිකයින්ට, හමුදාවට සහ පොලීසියට ඔවුන්ගේ අවි බිම තබන ලෙස දන්වා සිටිනවා. එසේ කළහොත් ඔබ සම්පූර්ණ වශයෙන් ආරක්ෂිතයි. නමුත් එසේ නොකළහොත් ඔබට නියත වශයෙන්ම මරණයට මුහුණ දීමට සිදුවනු ඇත. මට ඒක දකින්න අවශ්‍ය නෑ." 
Read More

කෙහෙල්බද්දර පත්මේ තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර.!

By Reporter.lk on (LK time) සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවන්ට ආධාර අනුබල දෙමින් ඔහුව මෙහෙය වූයේ යැයි රඳවා ප්‍රශ්න කරන කෙහෙල්බද්දර පත්මේ තවත් දින 90 රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම රහස් පොලීසියට (05) අවසර ලබා දුන්නේය. එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දින 90ක් රඳවා ප්‍රශ්න කළ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන කෙහෙල්බද්දර පත්මේ පෙබරවාරි (26) දින සිට තවත් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය මගින් අනුමැතිය ලබාගත් බවට රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලබා දුන්නේය.
Read More

ඉරාන නෞකාව මෙරටට ගේනවා.. ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.!

By Reporter.lk on (LK time) ඉරානයට අයත් 'IRIS Bushehr' නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන ඒමට කටයුතු කරන බවත් එම නෞකාවේ කාර්ය මණ්ඩලය 208ක් මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපයන් සහ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට ගැටුම්වලදී පක්ෂපාති ආකාරයෙන් භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් ඇතිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, "ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී අපේ ස්ථාවරයේ අපේ මධ්‍යස්ථභාවය, අපි අපේ භූමිය, අපේ මුහුදු කාලාපයන්, අපේ ගුවන් කලාපයන් කිසිසේත්ම කවර හෝ රාජ්‍යයකට…
Read More

පාස්කු විමර්ශනයේ තුන්වැනි සැකකරු සුරේෂ් සලේ.!

By Reporter.lk on (LK time) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ, පාස්කු ඉරු දින ප්‍රහාරයන්ට අදාළ විමර්ශනයේ තුන් වැනි සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරු සිද්ධියට අදාළව 2026ක් වූ පෙබරවාරි මස (25) වන දින අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බවත් මේ වනවිට සැකකරු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වීම සඳහා මෝසමක් ගොනු කරමින් නඩුව අද කැඳවිය. සැකකරුවෙක් ලෙස නම් කිරීමට සාක්ෂි තිබේදැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර එහිදී විමසා…
Read More

ඉරානයේ ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයට දැවැන්ත ප්‍රහාරයක්.!

By Reporter.lk on (LK time) ඉරානයට එල්ල වූ ප්‍රහාර මාලාවක් හමුවේ එරට සුප්‍රසිද්ධ 'Azadi' ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණය මුළුමනින්ම විනාශ වී ඇති බව ඉරාන රාජ්‍ය විකාශන සේවය වාර්තා කරයි. ජාත්‍යන්තර පාපන්දු තරග සහ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස මෙම ක්‍රීඩාංගණය භාවිතා කළ අතර එල්ල වූ ප්‍රහාරයත් සමඟ එහි විශාල ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Read More

සුරේෂ් සලේ වෙනුවෙන් පෙත්සමක්.!

By Reporter.lk on (LK time) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. මහජන සුබසාධන නඩුකරයක් සේ සලකා තමන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
Read More