Local news

ඉරානයේ තෙවන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය.!

ඉරානයේ තෙවන යුද නෞකාවට ඉන්දියාවේ රැකවරණය.!

By Reporter.lk on (LK time) ඉරාන යුද නෞකාවට "IRIS Lavan" රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර ඇති බව ඉන්දිය මාධ්‍ය සඳහන් කරයි. "IRIS Lavan" නෞකාව පෙබරවාරි (28) වන දින රැකවරණය ඉල්ලා සිටි අතර මාර්තු (01) වන දින අනුමැතිය හිමි වූ බව ඉන්දිය මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව 183 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ එය කොචි වරායේ පසුගිය (04) වැනිදා සිට නංගරුම්ලා ඇත. 
Read More
ජොන්ස්ටන්ගේ සතොස නඩුවට දුන් නියෝගය.!

ජොන්ස්ටන්ගේ සතොස නඩුවට දුන් නියෝගය.!

By Reporter.lk on (LK time) වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරි වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව අද (06) දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම නඩුව කැඳවු අවස්තාවේදී වෙනත් නඩුවක් සඳහා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය සඳහා මෙම නඩුව මාර්තු මස (18) වනදා දක්වා කල් තැබීමට…
Read More
ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්.!

ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්.!

By Reporter.lk on (LK time) ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා විශේෂ දැනුම්දීමක් නිකුත් කර ඇත. කටුනායක ගුවන්තොටුපොළේ කටයුතු සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන නමුත් මැදපෙරදිග කලාපයේ ගුවන් මාර්ග වසා දමා තිබීම හේතුවෙන් ලෝක ගුවන් ගමන් තවමත් දැඩි ලෙස බාධා වී ඇති බව සඳහන් කරයි. එනිසා මැදපෙරදිග හරහා නොයන වාණිජ ගුවන් ගමන් කිහිපයක් භාවිතා කළ හැකි බවත් ගුවන් ගමන් ප්‍රමාදය හෝ අවලංගු වීම පිළිබඳව තම ගුවන් සමාගම සමඟ සෘජුව සම්බන්ධ විය යුතු බවද දැනුම්දී ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයන්ට විකල්ප පිටත්වීම් සැලසුම් කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් දින 14ක නොමිලේ වීසා දිගුවක් ලබාදීමට ශ්‍රී…
Read More
දිවයිනේ ප්‍රදේශ රැසකටම අධික උණුසුම් කාලගුණයක්.!

දිවයිනේ ප්‍රදේශ රැසකටම අධික උණුසුම් කාලගුණයක්.!

By Reporter.lk on (LK time) මේ දිනවල දිවයින පුරා ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පවතින සුළගේ වේගය අඩු ස්වභාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එනිසා අධික වෙහෙසකින් යුතුව වැඩකටයුතු කරන පුද්ගලයින් තම ශරීර සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් විය යුතු බවත් වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදුකළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තවද පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු සඳහා යෙදවීමේදී ගුරුවරුන් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව තවදුරටත්…
Read More
කුඩු සළිඳුගේ කෝටි 02ක දේපළ තහනම්.!

කුඩු සළිඳුගේ කෝටි 02ක දේපළ තහනම්.!

By Reporter.lk on (LK time) සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න දේපළ තහනම් කර ඇත. පානදුර, රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි තහනමට ලක්කළ දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද පවතින බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන්ම උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බව කියන දේපළ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු අනුව මෙම දේපළ තහනමට ලක් කිරීමට එම කොට්ඨාසය පියවර ගෙන ඇත.
Read More
අපේ සලේ අත්අඩංගුවට අරන්.!

අපේ සලේ අත්අඩංගුවට අරන්.!

By Reporter.lk on (LK time) ඉරාන දෙවැනි නැව බේරාගැනීම සම්බන්ධව ආණ්ඩුවට ස්තුතිවන්ත වන බවත් අපි බොරදියේ මාළු බාන්නේ නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි. මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (06) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, "අද හදිසි නීතිය මොකටද.. දැන් මේ අපේ සලේ අත්අඩංගුවට අරන් තියෙනවා. මහ මොළකාරයෝ කීදෙනෙක් හිටියද ආරක්ෂක ඇමතිතුමා. මහ මොළකාරයෝ ඉන්නවා දැන් බෝම්බ පුපුරපු දවසේ ඉදන්. දප්පුල ලිවේරා මොනවද කීවේ. දප්පුල ලිවේරා නීතිපති හැටියට හිටියා ගෝඨාභය ආණ්ඩුව කාලේ. ගෝඨාභයට කිවුවා අවුරුද්දක දීර්ඝයක් දෙන්න කියලා. අවුරුද්දක දීර්ඝයක් දෙන්න කියලා කිවුවා දප්පුල ලිවේරාට. දප්පුල ලිවේරාට අවුරුද්දක දීර්ඝයක් දෙන්න බෑ කියපු හින්දා තමයි අවසාන මොහොතේදී නීතිපති දප්පුල…
Read More
යාපනය ගුරුනගර් තොටුපොළේදී බෝට්ටුවක් පෙරළී දෙදෙනෙකු මරුට.!

යාපනය ගුරුනගර් තොටුපොළේදී බෝට්ටුවක් පෙරළී දෙදෙනෙකු මරුට.!

By Reporter.lk on (LK time) අද (06) යාපනය ගුරුනගර් තොටුපොළේදී බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම යාත්‍රාවේ වන්දනාකරුවන් 25ක් ගමන් කර ඇතැයිද ඉන් 15ක් සොයා මේ වන විටත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.  මෙම අනතුරින් රෝහල් ගත කර සිටි තවත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. පාලෙයිතිව් උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.
Read More
මාර්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්.!

මාර්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්.!

By Reporter.lk on (LK time) ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යාම හමුවේ ලිට්‍රෝ ගෑස් සමාගම මාර්තු මාසයේ ගෑස් සිලින්ඩරයක මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට දැනුම්දීමක් කර ඇත. ඒ අනුව වෙළෙඳපොළේ ගෑස් මිල ස්ථාවරව පවත්වාගෙන මාර්තු මාසය සඳහා ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කය සඳහා 12.5kg ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි.
Read More
ඉරාන නෞකා 30ක් මුහුදේ ගිල්වා දැමූ අමෙරිකාව.!

ඉරාන නෞකා 30ක් මුහුදේ ගිල්වා දැමූ අමෙරිකාව.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන යුද්ධය හේතුවෙන් මේ දක්වා ඉරාන නෞකා 30කට වැඩි ප්‍රමාණයක් මුහුදේ ගිල්වා දමා ඇති බව අමෙරිකානු හමුදාව සඳහන් කරයි. යුදමය තත්ත්වය හේතුවෙන් ගිල්වා දැමූ ඉරාන නෞකා අතර ඉරාන ඩ්‍රෝන නෞකාවක් ගිල්වා දැමූ බවද අමෙරිකානු හමුදාව සඳහන් කරයි. තවද මෙම යුද්ධයේ පළමු දිනයේ සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර 90% කින් අඩු වී ඇති බවද අමෙරිකානු හමුදා සඳහන් කරයි. මේ අතර ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරාගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට තමන්ටද අවශ්‍ය බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
Read More
කෙහෙළියගේ වැඩ නිසා ඥාති සොහොයුරා ගෙල වැලලාගනී.!

කෙහෙළියගේ වැඩ නිසා ඥාති සොහොයුරා ගෙල වැලලාගනී.!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විභාග වන අල්ලස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන ඔහුගේ ඥාති සොහොයුරකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ. කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සොහොයුරා රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත. කෙහෙළියට එරෙහිව විභාග වන අයථා ලෙස මුදල් ඉපයිමේ නඩුවට අදාළ ඥාති සොහොයුරා මීට පෙර අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින 7ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අනතුරුව ඇප ලැබුණු කෙහෙළියගේ ඥාති සොහොයුරා පසුගිය කාලය පුරාම දැඩි කලකිරීමෙන් ජීවත් වී ඇති බව වාර්තා වේ.
Read More