Foreign news

ඉරාන නියමුවන් රහිත යානයකින් බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාර.!

ඉරාන නියමුවන් රහිත යානයකින් බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාර.!

By Reporter.lk on (LK time) ඉරානයේ නිෂ්පාදිත "ෂහෙඩ්" (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයකින් සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. ඒ අනුව බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස් තොරතුරු අනාවරණය කර ඇත. ඉරානයේ නිෂ්පාදිත එම නියමුවන් රහිත යානයක් ඇක්‍රොටිරි (Akrotiri) ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැටී ඇති බව සයිප්‍රස් ජනාධිපතිවරයා සඳහන් කරයි. මෙම අනතුරින් දේපළවලට සුළු හානි සිදුව ඇති බවත් තමන් යුරෝපීය නායකයින් සහ අනෙකුත් රටවල නායකයින් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බවද සයිප්‍රස් ජනාධිපතිවරයා සඳහන් කරයි.
Read More
ඉරාන ප්‍රහාර අතරතුර අමෙරිකානු හමුදා ‘ක්ලෝඩ්’ තාක්ෂණය භාවිතා කරයි.!

ඉරාන ප්‍රහාර අතරතුර අමෙරිකානු හමුදා ‘ක්ලෝඩ්’ තාක්ෂණය භාවිතා කරයි.!

By Reporter.lk on (LK time) ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉවත් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත. එහෙත් නියෝග කර පැය කිහිපයකට පසුවත්, අමෙරිකානු මධ්‍යම විධානය (U.S. Central Command) ඇතුළු අමෙරිකානු රජය, ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම්වලදී බුද්ධි තොරතුරු විශ්ලේෂණය සහ ඉලක්ක හඳුනා ගැනීම වැනි කාර්යයන් සඳහා තවදුරටත් ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ 'ක්ලෝඩ්' (Claude) AI තාක්ෂණය භාවිතා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More
අමෙරිකානු ජෙට් යානා කිහිපයක් කුවේටයට කඩා වැටෙයි.!

අමෙරිකානු ජෙට් යානා කිහිපයක් කුවේටයට කඩා වැටෙයි.!

By Reporter.lk on (LK time) කුවේට් රාජ්‍යයේ ස්ථානගත කර ඇති අමෙරිකානු ගුවන් කඳවුරක් ඉලක්ක කරමින් ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාර අතරතුර අද (02) දිනයේදී අමෙරිකානු හමුදා ගුවන් යානා කිහිපයක්ම තම රට තුළට කඩා වැටී ඇති බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර අලි අල් සලෙම් (Ali Al Salem) අමෙරිකානු කඳවුරේ සිට සැතපුම් හයක් පමණ දුරින්, එක් යානයක එන්ජිම ගිනි ගනිමින් එය පහළට ඇද වැටෙන අයුරු වීඩියෝ දර්ශනවල සටහන්ව ඇත.  එහි සිටි නියමුවා යානයෙන් ඉවතට පැන ආරක්ෂිතව ගොඩ බැස ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහුව ආරක්ෂිතව බේරාගෙන ඇති බව වාර්තා වේ.
Read More
ඉරාන අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි.!

ඉරාන අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි.!

By Reporter.lk on (LK time) ඉරානයට එල්ල වූ දැවැන්ත ප්‍රහාර වලින් පසුව ඉරානයේ අන්තර්ජාල පහසුකම් සීඝ්‍ර පහත වැටීමක් දක්නට ලැබෙන බව ගෝලීය අන්තර්ජාල ක්‍රියකාරීත්වය නිරීක්ෂණය කරන Kentik ආයතනයේ දත්තවලට අනුව සඳහන් කරයි. ඒ අනුව ඉරානය එල්ල කළ ප්‍රහාර වලින් සහ ඉන් අනතුරුව ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලින් පැය කිහිපයකට පසුව එරට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වේ. ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයෙන් 99%ක් පමණ මේ වනවිට විසන්ධි වී ඇති බවත් ඉරාන රජයේ නිලධාරීන්ට හෝ රජයේ විශ්වාසය දිනූ පුද්ගලයන්ට අයත් සමාජ මාධ්‍ය ගිණුම් සීමිත සංඛ්‍යාවක් පමණක් සක්‍රීයව පවතින බවද සඳහන් කරයි.
Read More
ඉරානය සතු සියලුම බලය යොදවනවා.. පළිගන්න සූදානම්.!

ඉරානය සතු සියලුම බලය යොදවනවා.. පළිගන්න සූදානම්.!

By Reporter.lk on (LK time) ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඇතුළු බලධාරීන් ඝාතනයට පළිගැනීම තම අයිතියක් වගේම යුතුකමක් බව ඉරාන ජනපති මෂූඩ් පෙෂෙස්කියන් සඳහන් කරයි. මෙම ඝාතනයන් ඉතිහාසගත අපරාධයන් බවත් මෙම ඝාතන සැලසුම් කළ පුද්ගලයින්ට සහ ක්‍රියාත්මක කළ පුද්ගලයින්ට එරෙහිව යුක්තිය ඉටුකිරීම ඉරාන රජයේ සහ හමුදාවේ යුතුකමක් බවද ඉරාන ජනපති මෂූඩ් පෙෂෙස්කියන් සඳහන් කරයි. ඔවුන්ගෙන් පළිගැනීම සඳහා ඉරානයේ සතු සියලුම ශක්තිය සහ බලය යොදවන බවත් ඉරාන සන්නද්ධ හමුදා ඒ සදහා සූදානම් කර ඇති බවද ඉරාන ජනපති මෂූඩ් පෙෂෙස්කියන් සඳහන් කරයි. මේ අතර අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ඉරාන හමුදාව ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය…
Read More
යුද ගැටුම උග්‍ර අතට.. තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර.!

යුද ගැටුම උග්‍ර අතට.. තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර.!

By Reporter.lk on (LK time) අමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA වාර්තා කරන පරිදි, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි. පර්සියානු ගල්ෆ් කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේදී මෙම මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම මිසයිල ප්‍රහාර වලින් පසුව අදාළ නෞකා ගිනි ගනිමින් පවතින බව ඔවුන් සඳහන් කර ඇතත් අමෙරිකානු හෝ බ්‍රිතාන්‍ය බලධාරීන් මෙතෙක් මෙම වාර්තා තහවුරු කර නොමැත. අදාළ මුහුදු කලාපයේ ආරක්ෂාව සම්බන්ධව සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) සිය දෛනික වාර්තාව මගින් ප්‍රකාශ…
Read More
උත්තරීතර නායක කමේනිගේ වගකීම අලිරේසාට.!

උත්තරීතර නායක කමේනිගේ වගකීම අලිරේසාට.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයේ ටෙහෙරාන් හි පිහිටි කාර්යාලය වෙත එල්ල කළ ප්‍රහාර වලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත්විය. උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනයෙන් පසුව එම ධුරයේ වගකීම සඳහා නව නායකයෙක් පත්කර ඇති අතර ඒ අනුව නව කවුන්සිල ප්‍රධානියා ලෙස ෂියා මූලධර්මවාදී නායක අලිරේසා අරාෆි පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඉරානය දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. 1989 වසරේ සිට දශක තුනකට වැඩි කාලයක් ඉරානය පාලනය කළ 86 වියැති කමේනි එරට උත්තරීතර පාලකයා ලෙස මෙන්ම රාජ්‍යයේ ප්‍රධානියා ලෙසද, ඉරාන විප්ලවීය…
Read More
උත්තරීතර නායක කමේනි ඇතුළුව ඝාතනය කළ හමුදා ප්‍රධානීන් මෙන්න.!

උත්තරීතර නායක කමේනි ඇතුළුව ඝාතනය කළ හමුදා ප්‍රධානීන් මෙන්න.!

By Reporter.lk on (LK time) ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඝාතනයට ලක්වූ ඉරාන හමුදා ප්‍රධානීන් අතර රටේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල්රහිම් මවුසාවි, ආරක්ෂක අසීස් නසීර්සාදේ (Aziz Nasirzadeh), ඉරාන විප්ලවීය බලකායේ (IRGC) අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් (Mohammad Pakpour), උත්තර්තර නායකයාගේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක අලි ශම්බානි (Ali Shamkhani), උත්තර්තර නායකයාගේ හමුදා කාර්යාංශයේ ප්‍රධානී මොහොමඩ් ශිරාසි (Mohammad Shirazi), යුධ තාක්ෂණ කාර්යාංශයේ (SPND) සභාපති හුසේන් අමේලියන් (Hussein Amelian), එහි හිටපු සභාපති රේසා නියා (Reza Nia) සහ ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානයේ බුද්ධි අංශ…
Read More
පකිස්ථානය විසින් විවෘත ලෙස යුද්ධය ප්‍රකාශ කරයි.

පකිස්ථානය විසින් විවෘත ලෙස යුද්ධය ප්‍රකාශ කරයි.

By Reporter.lk on (LK time) ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට එරෙහිව පකිස්තානය විසින් විවෘත යුද්ධ තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දේශසීමා ප්‍රදේශයේ පසුගිය දිනවල උද්ගත වූ ගැටුම් මාලාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව සඳහන් වේ. ඇෆ්ගනිස්තාන බලකා විසින් පකිස්තාන දේශසීමා හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින්, ඊට ප්‍රතිචාර ලෙස පකිස්තානය ඇෆ්ගනිස්තානයේ කාබුල් සහ කන්දහාර් නගර ඉලක්ක කර ගුවන් ප්‍රහාර සිදු කර ඇති බව වාර්තා වේ. පකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් “අපගේ ඉවසීමේ සීමාව අවසන් වී ඇත. දැන් මෙය අප සහ ඔබ අතර විවෘත යුද්ධයකි” යනුවෙන් සඳහන් කර ඇත. එසේම,…
Read More
එකම පවුලේ සාමාජිකයින් 11කට මරණ දඬුවම.!

එකම පවුලේ සාමාජිකයින් 11කට මරණ දඬුවම.!

එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිරිස විසින් කැසිනෝ, ගණිකා මඩම්, පුද්ගල පැහැර ගැනීම්, මුල්‍ය වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි දූෂිත ක්‍රියා රැසක් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිං පවුල ලෙස කුප්‍රකට මෙම චීන ජාතිකයින් විසින් මියන්මාරයේ ලාක්කායිං නගරයේ දූෂිත ක්‍රියාකාරම් සහිත කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 2023 වසරේදී මියන්මාර බලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන චීනයට භාරදී ඇත.
Read More