Foreign news

ඉරානයෙන් බරපතල අනතුරු ඇඟවීමක්.!

ඉරානයෙන් බරපතල අනතුරු ඇඟවීමක්.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නේ නම් මැදපෙරදිග පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බවට ඉරානය අනතුරු අඟවා ඇත. ඒ අනුව දිගින් දිගටම පහරදීමට තීරණය කළ හොත් මැදපෙරදිග සියලුම ආර්ථික මධ්‍යස්ථාන වෙත පහරදීමට කටයුතු කරන බවට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක ජෙනරාල් ඊබ්‍රහිම් ජබ්බාරි සඳහන් කර ඇත. දැනට හෝමුස් සමුද්‍ර සන්දිය වසා දැමූ බවත් මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 80 ඉක්මවා ගොස් ඇති බැවින් එය ඉක්මනින් ඩොලර් 200 දක්වා ළඟා විය හැකි බවද ආරක්ෂක ජෙනරාල් ඊබ්‍රහිම් සඳහන් කර ඇත. කෙසේ වෙතත් මේ වනවිට ඉරානයට එල්ල වී ඇති ප්‍රහාර හමුවේ පුද්ගලයින් 700කට…
Read More
ඉරාන ඓතිහාසික මාලිගයට දැඩි හානි.!

ඉරාන ඓතිහාසික මාලිගයට දැඩි හානි.!

By Reporter.lk on (LK time) ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන ටෙහෙරානයේ ඓතිහාසික ගොලෙස්තාන් මාලිගයට 'Golestan Palace' ප්‍රහාර එල්ල වී ඇති බව ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරයි. 16 වන සියවසේ පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස සැලකෙන මෙම මාලිගය, ඉරාන සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයක් වේ. මෙම හානිය වාර්තා වීමත් සමඟ යුනෙස්කෝ සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර ජාත්‍යන්තර නීතියට අනුව මෙවැනි ස්ථාන ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස යුනෙස්කෝ සංවිධානය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. ගොලෙස්තාන් මාලිගය, කජාර් රාජවංශයේ ඉරාන රජවරුන්ගේ නිල නිවස ලෙස භාවිතා වූ අතර පසුව එය පහ්ලවි රාජවංශයේ නිල මූලස්ථානය බවට පත්ව ඇති බව සඳහන් කරයි.…
Read More
වහාම ඉවත් වෙන්න.. රටවල් 14ක පුරවැසියන්ට අමෙරිකාවෙන් දැනුම්දීමක්.!

වහාම ඉවත් වෙන්න.. රටවල් 14ක පුරවැසියන්ට අමෙරිකාවෙන් දැනුම්දීමක්.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පවතින ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින් අමෙරිකානු පුරවැසියන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත. ඒ අනුව මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත. බහරේන්, ඊජීප්තුව ,ඉරානය ,ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබියාව, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යේමනය යන රටවල සිටින අමෙරිකානු පුරවැසියන්ට එලෙස ඉවත් වන ලෙස දැනුම් දී ඇත.
Read More
නෞකා වලට පහර දෙනවා.. ඉරානයෙන් අනතුරු ඇඟවීමක්.!

නෞකා වලට පහර දෙනවා.. ඉරානයෙන් අනතුරු ඇඟවීමක්.!

By Reporter.lk on (LK time) ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවට නිවේදනය කර ඇති අතර ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නෞකා වලට පහරදෙන බවට අනතුරු අඟවා ඇත. ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක වලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් පවතින අතරතුර මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍යය යන රටවලින් අපනයනය කරන බොරතෙල් ලෝකයට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගය මෙය වේ.
Read More
ඉරානය වෙනුවෙන් චීනය එයි.!

ඉරානය වෙනුවෙන් චීනය එයි.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඉරානයට චීනයේ සහාය හිමිවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී, ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සමග පැවති දුරකථන සාකච්ඡාවකදී සඳහන් කර ඇත. ඉරානය සමග තිබෙන මිත්‍රත්වය චීනය අගය කරන බවත් ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය සහ ජාතික ගෞරවය ආරක්ෂා කර ගැනීමට චීනයේ සහාය හිමිවන බවද චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී සඳහන් කර ඇත.
Read More
ඉරාන න්‍යෂ්ටික මිසයිල.? ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.!

ඉරාන න්‍යෂ්ටික මිසයිල.? ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්.!

By Reporter.lk on (LK time) ඉරානයේ ගැටුම තවත් සති හතරක් හෝ පහක් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති නමුත් එක්සත් ජනපදයට ඊට වඩා බොහෝ දුරයාමට හැකියාව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත. ටෙහෙරානයේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන් ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙය අමෙරිකාවට සහ විදේශයන්හි ස්ථානගත කර ඇති අපගේ හමුදාවන්ට ඉතා පැහැදිලි, දැවැන්ත තර්ජනයක් බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
Read More
මැදපෙරදිග වෙනුවෙන් රුසියාව එනවා.. පුටින් අනතුරු අඟවයි.!

මැදපෙරදිග වෙනුවෙන් රුසියාව එනවා.. පුටින් අනතුරු අඟවයි.!

By Reporter.lk on (LK time) අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා ඇත. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායල ප්‍රහාර කලාපීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බැවින් මැදිපෙරදිග කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් රුසියාව සක්‍රීය මැදිහත්වීමක් සිදුකිරීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කර ඇත. ගල්ෆ් කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයින් සිව්දෙනෙකු සමඟ දුරකථන සාකච්ඡාවල නිරත වෙමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ බව සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඉරානයට පහරදීම සඳහා තම රට කඳවුරක් ලෙස භාවිතා නොකරන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල…
Read More
ඉරාන උත්තරීතර නායකයාගේ බිරිඳ ඝාතනය කරයි.!

ඉරාන උත්තරීතර නායකයාගේ බිරිඳ ඝාතනය කරයි.!

By Reporter.lk on (LK time) ඉරාන උත්තරීතර නායක අල් කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේදී ඝාතනය කර ඇතැයි ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව තහවුරු කර ඇත. අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය සහ මුණුපුරා ඝාතනය කළ අතර කමේනි සහ ඔහුගේ බිරිඳට දරුවන් හය දෙනෙක් සිටියි.
Read More
එමිරේට්ස් ගුවන් ගමන් නවතී.!

එමිරේට්ස් ගුවන් ගමන් නවතී.!

By Reporter.lk on (LK time) මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති යුදමය තත්ත්වය මත මැදපෙරදිග කලාපීය ගුවන් සීමාවන් කිහිපයක් වසා දැමීම හේතුවෙන් එමිරේට්ස් ගුවන් සේවය ඩුබායි රාජ්‍යයේ සිට සිදුකරන සියලුම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇත. එමිරේට්ස් ගුවන් සේවය සිය සේවාව ඩුබායි රාජ්‍යයේ සිට සහ ඩුබායි දක්වා සිදුකරන සියලුම මෙහෙයුම් මාර්තු (03) වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේලාවෙන් පස්වරු 03:00 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව එමිරේට්ස් ගුවන් සේවය සඳහන් කරයි.
Read More
සෞදි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර.!

සෞදි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර.!

By Reporter.lk on (LK time) සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන යානා දෙක විනාශ කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ වෙතත් එම ප්‍රහාරය විනාශ කිරීමට උත්සහා කිරීමත් සමඟ සුන්බුන් විසිරීම හේතුවෙන් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන ඇති බවද සඳහන් කරයි. එම ගින්න හේතුවෙන් මේ වනවිට මෙහෙයුම් තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More