“අස්වැසුම” පාර්ලිමේන්තුවට.!

අස්වැසුම සඳහා වත්මන් රජය බලයට බලයට පත්වූ පසුව අයදුම්පත් කැඳවූ අවස්ථාවේ අයදුම්පත් ලක්ෂ අටක් ඉදිරිපත් වු බවත් ඒ අතුරින් දෙලක්ෂ අසූහත් දහසක් දෙවැනි වටයෙන් සුදුසුකම් ලබා ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.

රටේ අස්වැසුම ප්‍රතිලාභීන් දහසය ලක්ෂ පනස් හත්දහස් හයසිය විසි එකක් සිටින බවද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.

තවද අස්වැසුම ඉල්ලා ඇති අය අතරින් තෝරා ගත්තු නැති ලොකු පිරිසක් සිටින බවත් එම පිරිස මේ දිනවල තේරීම් ක්‍රියාවලියට ලක් වෙමින් සිටින බවද ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments