ඇමරිකානු එක්සත් ජනපදයේදී ලොව වයස්ගතම බිළිඳා උපත ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තැඩියස් ඩැනියෙල් පියර්ස් නැමති මෙම බිළිඳා 2025 ජූලි 26 වන දින මෙලොව එළිය බලනු ලැබුවේ වසර 30 කට වැඩි කාලයක් ශීතකර ගබඩා කර තිබූ කලලයකින් බව වාර්තා වෙයි.
1994 දී මෙම කලලය නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
කලලය 1994 සිට එක්සත් ජනපදයේ ඔහායෝ හි ජීවත් වන ලින්ඩ්සේ සහ ටිම් පියර්ස් විසින් දරුකමට හදා ගැනීමට ඡීව විද්‍යාත්මක මවගෙන් ලබා ගෙන ඇති අතර 2024 නොවැම්බර් මාසයේදී ලින්ඩ්සේගේ ගර්භාෂයට කලලය මාරු කර තිබෙයි.
දරුවාගේ ජීව විද්‍යාත්මක මව සහ පියා 1990 ගණන්වලදී IVF ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
