දෑස් නොපෙනෙන සැමට AI තුළින් පෙනීම.!

මේ වන විට ලෝකයේ කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් AI  කණ්ණාඩි නිපදවීම අරඹා තිබේ. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද මෙම රේ-බෑන් කණ්නාඩි තුළ හඬ-සක්‍රිය කර ඇති අතර පරිශීලකයාට තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා කෘතිම බුද්ධි තාක්ෂණය සමඟ කතා කළ හැකි බව ඒ සමාගම පවසයි.

විශේෂයෙන් මෙම කණ්ණාඩි මගින් පෙනීම නොමැති පුද්ගලයන් හට ඉදිරියේ ඇති බාධක හදුනා ගැනීමට උපකාරී වන අතර කණ්ණාඩි රාමුවේ ඇති කැමරාව සහ කුඩා ස්පීකර් මගින් මාර්ගය පෙන්වීම, බාධක ගැන දැනුම්වත් කිරීම, කණ්ණඩිය සමග කතා කළ හැකි නිසා මාර්ගය පිළිබදවත් බාාධක පිළිබදවත් විමසීමට ද කළ හැකි ය.

අන්ධභාවයෙන් ලියාපදිංචි වී මෙම කණ්ණාඩි භාවිතා කරන පුදිගලයින් පවසන්නේ නව AI කණ්නාඩි “ජීවිතය වෙනස් කරන” බවයි. කණ්ණාඩි රාමුවේ ඇති කැමරාවෙන් සහ කුඩා ස්පීකර් නිසා දැන් බොහෝ යහපත් ජීවන තත්ත්වයක් ඇති බවත් අවන්හලකින් ආහාර ඇණවුම් කළ හැකි බවත් මෙන්ම කණ්ණාඩියෙන් විමසීම මගින් මාර්ගයේ ඉදිරිපිට ඇති බාධක මොනවාද යන්න සොයා ගත හැකි බවත් ඔවුහු පවසති.

මෙම කණ්ණාඩි වල ඇති තවත් එක් විශේෂත්වයක් වන්නේ තමා සමග කතාබහ කිරිමට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ හඬවල් තෝරා ගත හැකි වීමයි. එනම් තමාට ජේම්ස් බොන්ඩ්ගේට රගපෑ ඩැනියල් ක්‍රේග්ගේ හඬ ඇසීමට අවශ්‍ය නම් එය තොරා ගත හැකිය.රාජකීය ජාතික අන්ධ පුද්ගලයින්ගේ ආයතනයේ නිර්මාණ අංශයේ ප්‍රධානී රොබින් ස්පින්ක්ස් මහතා පැවසුවේ මෙම කණ්ණාඩි තාක්ෂණය අන්ධ සහ අර්ධ වශයෙන් පෙනීම ඇති පුද්ගලයින් සඳහා සැබෑ සාධනීය බලපෑමක් ඇති කරන බවයි.

මේ ආකාරයෙන් AI තාක්ෂණය ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින අතර කාර්යක්ෂම සහ පහසු ජීවතයක් ආබාධයන් ඇති පූදුගලයන්ට ද ලබා දෙන බවට බොහෝ බලාපොරොත්තු තබා ගත හැකි ය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments