ගැඹුරු පීඩන අවපාතය හෙට දිවයිනට ඇතුළු වෙයි.!

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පීඩන අවපාතය හෙට (09) පස්වරුවේදී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක සඳහන් කරයි.

එම පීඩන අවපාතය මේ වනවිට දිවයිනේ නැගෙනහිර වෙරළේ පොතුවිල් ප්‍රදේශයට ගිනිකොණ දිශාවෙන් කිලෝ මීටර 350ක් පමණ ඇතින් ස්ථානගත වී ඇති බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මේ බව සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments