වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේදී මත්පැන් බවට සැකකෙරෙන දියරයක් පානය කිරීමෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු නිවසක් තුළ තිබියදී සොයාගෙන ඇත.
එම මත්පැන් වර්ගය පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවු තවත් පුද්ගලයින් දෙදෙනෙකු වෙන්නප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
ඒ අනුව මත්පැන් වර්ගයක් විෂ වීමෙන් පස් දෙනෙකු මියගොස් ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
