මේ වනවිට මාරාන්තික ‘නිපා’ වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවටත් ඒ හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිපා වෛරසය ඌරන් සහ වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකි අතර වෛරසය ආසාදනය වූ ආහාර මගින් හෝ පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මෙය පැතිර යා හැකිය.
මෙම වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට කිසිදු එන්නතක් හෝ ඖෂධයක් නොමැති බව සඳහන් වන අතර වෛරසය ආසාදනය වූවන්ගෙන් 40% සිට 75% දක්වා ප්‍රතිශතයක් මිය යා හැකි බවද සඳහන් කරයි.
වෛරසය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඇතැම් අවස්ථා වලදී කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවද සඳහන් කරයි.
වෛරසයේ මූලික රෝග ලක්ෂණ අතර උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ උගුරේ අමාරුව ඇතුළත් විය හැකි බවත් ඇතැම් පුද්ගලයින් තුළ, නිදිමත ගතිය, සිහිය වෙනස් වීම සහ නියුමෝනියාව ඇති විය හැකි බවද සඳහන් කරයි.
