වෙනිසියුලානු ජනපතිගේ වටිනා වත්කම් අත්හිටුවයි.!

වසර හතරක් සඳහා අත්හිටුවීම වලංගු වන පරිදි වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇත.

අමෙරිකානු හමුදාව විසින් ජනාධිපති නිකොලස් මධුරෝව අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත විසින් මෙම පියවර ගෙන ඇත.

තවද නීති විරෝධී ලෙස අත්පත් කරගත් බවට සානාත වුවහොත් එම වත්කම් වෙනිසියුලා ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා ආපසු ලබා දීමට උත්සාහ කරන බව ස්විට්සර්ලන්තය සඳහන් කර ඇත.

ඇමරිකානු හමුදා මෙහෙයුමකින් පසුව ජනාධිපති මධුරෝ අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට මුහුණ දීම සඳහා නිව්යෝර්ක් වෙත ගෙන ඒමෙන් පසු ස්‍විට්සර්ලන්තය මෙම තීරණය ගෙන ඇත.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments