වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ අමෙරිකාවේ නිව්යෝර්ක් නගර අධිකරණයට ප්‍රථම වරට ඉදිරිපත් කළ අවස්ථාවේදී සඳහන් කළේ, තමා “අහිංසක” සහ “යහපත් මිනිසෙකු” බවයි.
තමන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ගොනුකර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර කරන බවත් තමා තවමත් රටේ ජනාධිපතිවරයා බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
ජනාධිපති නිකොලාස් මදුරෝ තවදුරටත් සඳහන් කර ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදය විසින් තමාට එල්ල කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් බරපතළ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවයි.
