වෙනිසියුලා ගැටුම උඩු දුවයි.. චීනයෙන් සැර ප්‍රකාශයක්.!

අමෙරිකාව විසින් වෙනිසියුලාවට එල්ල කළ දැවැන්ත මිලිටරි ප්‍රහාරය ‘ජාත්‍යන්තර නීතිය පැහැදිලිව උල්ලංඝනය කිරීමක්’ බව චීනය සඳහන් කරයි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ වහාම නිදහස් කරන ලෙසත් වෙනිසියුලාවේ රජය පෙරළා දැමීම නවත්වන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිඳ රැගෙන ගොස් රටින් පිටුවහල් කළ බව අමෙරිකාව තහවුරු කිරීමෙන් පසු චීනය නිකුත් කළ දෙවන ප්‍රකාශය මෙය ලෙස සැලකෙයි.

වෙනිසියුලාවේ විශාලතම තෙල් ගැනුම්කරුවා වන්නේ චීනය.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments